Home » සජබ රජ­ය­කින් ජාතික සෞඛ්‍ය ප්‍රති­ප­ත්ති­යක් හද­නවා

සජබ රජ­ය­කින් ජාතික සෞඛ්‍ය ප්‍රති­ප­ත්ති­යක් හද­නවා

සජිත් වෛද්‍ය සංග­ම­යට කියයි

by Gayan Abeykoon
August 2, 2024 1:23 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

සමගි ජන බල­වේග රජ­යක් යටතේ ජාතික සෞඛ්‍ය ප්‍රති­ප­ත්ති­යක් නිර්මා­ණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සු­වේය.

ඒ මහතා මේ බව පැව­සුවේ රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ නියෝ­ජි­ත­යන් සමඟ ඊයේ (01) පැවැති සාක­ච්ඡා­ව­ක­දීය.

අද වන විට සෞඛ්‍ය පද්ධ­තියේ බර­ප­තළ ගැට­ලු­වක් හා අර්බු­ද­යක් ඇති වෙලා තිබෙ­නවා. රාජ්‍ය නිහ­ඬ­තාව සහ අහක බලා ගැනීම තුළ බංකො­ලොත් රටෙත් ඖෂධ හොර­කම අල්ලස දූෂ­ණය වංචාව වැඩි වී ඇති බවත් හිටපු සෞඛ්‍ය ඇමැ­ති­ව­ර­යාගේ ක්‍රියා කලා­පය ගැන අමු­තු­වෙන් කියන්න දෙයක් නැහැ.

සමගි ජන බල­වේග පාල­න­යක් තුළ විනි­වි­ද­භා­වය වග­කීම වග­වීම පාර­දෘ­ශ්‍ය­භා­වය ඇති කර අල්ලස දූෂ­ණය පිටු­ද­කි­නවා. රෝග නිවා­රණ හා ප්‍රති­කා­රක වැඩ­ස­ට­හන් ශක්ති­මත් කරන බවත් 76 වස­රක ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ඉති­හා­සය තුළ ආණ්ඩු­වක් හා විප­ක්ෂ­යක් නොකළ වැඩ කොට­සක් සමගි ජන බල­වේ­ගය සිදු කර­නවා. සෑම ගැට­ලු­වක්ම විද්‍යා­ත්මක ක්‍රම­වේද උප­යෝගි කර­ගෙන වඩාත් ශක්ති­මත්ව හා වේග­වත්ව තිර­සර විස­ඳුම් ලබා­දෙ­නවා යැයි ද හෙතෙම මෙහිදී කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT