Home » ජනා­ධි­ප­ති­ව­ර­ණයේ වැඩ කරන්න පළාත් පාලන ඡන්ද අපේ­ක්ෂ­ක­යන්ට බාධා­වක් නෑ

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ වැඩ කරන්න පළාත් පාලන ඡන්ද අපේ­ක්ෂ­ක­යන්ට බාධා­වක් නෑ

අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන

by Gayan Abeykoon
August 2, 2024 1:06 am 0 comment

නෙරං­ජලා වික්ර­ම­සිංහ

පළාත් පාලන මැති­ව­ර­ණය නිසා 77000ක් වන අපේ­ක්ෂ­ක­යන්ට ජනා­ධි­ප­ති­ව­ර­ණයේ වැඩ කිරීමේ තහං­චි­යක් පැවැ­තිය නොහැකි බව අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පව­සයි.

මහ­ජන එක්සත් පෙර­මුණ ඊයේ (01) පැවැත්වූ මාධ්‍ය හමු­වට එක්වෙ­මින් අග්‍රා­මා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේය.

පළාත් පාලන ඡන්ද අපේ­ක්ෂ­ක­යින්ට වත්මන් ඡන්ද ව්‍යාපා­රයේ වැඩ කිරී­මට ඇති තහං­චිය සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කරන ලෙස ඉදිරි දින­ව­ලදී මහ­ජන එක්සත් පෙර­මුණ පක්ෂ­යක් ලෙස මැති­ව­රණ කොම­සා­රි­ස්ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කරන බව ද අග්‍රා­මා­ත්‍ය­ව­රයා මෙහිදී සඳ­හන් කළේය.

එහිදී අග­මැ­ති­ව­රයා මෙසේද කීවේය.

මහ­ජන එක්සත් පෙර­මුණේ මධ්‍යම කාරක සභාව අද දින රැස්වී තීරණ කිහි­ප­ය­කට එළ­ඹුණා. පසු­ගිය දින­වල අපේ රටේ ජනා­ධි­ප­ති­ව­රයා හැටි­යට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාට අවු­රුදු දෙකක් තිස්සේ අඛණ්ඩ සහ­යෝ­ග­යක් රාජ්‍ය පාල­නය ස්ථාවර බවට ගෙනෙන්න, ආර්ථි­කය කඩා­වැ­ටී­මෙන් රට ගොඩ ගන්න­ටත් ජාත්‍ය­න්තර පිළි­ගැ­නීම යළි ස්ථාපිත කිරී­ම­ටත්, අපි සක්‍රිය හවු­ල්කා­රි­ත්ව­යක් දැක්වූවා.

ඒ අනුව මා අග්‍රා­මා­ත්‍ය­ව­රයා හැටි­ය­ටත් සිසිර ජය­කොඩි මහතා දේශීය වෛද්‍ය අමා­ත්‍ය­ව­රයා හැටි­ය­ටත් යදා­මිණි මන්ත්‍රී­තු­මාත් මේ කාල පරි­ච්ඡේ­දය තුළ ආණ්ඩුවේ වැඩ­පි­ළි­වෙළ සාර්ථක කිරීම සඳහා සහ­යෝ­ගය සහ ඡන්දය පාවිච්චි කර තිබෙ­නවා. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා ගොඩ­නඟා තිබෙන්නේ පොහො­ට්ටු­වත් තවත් දේශ­පා­ලන පක්ෂ ගණ­නා­ව­කින් සම­න්විත සභාග රජ­යක්. ඒ සභාග රජය මේ රටේ ජන­තා­වගේ අපේ­ක්ෂා­වන් කඩා වැටුණු තැන සිට යළි ගොඩ­න­ඟ­න්නට ජාතික වශ­යෙන් නිර­ත­වීම සඳහා ගත්තා වූ තීර­ණය අනුව අපි පක්ෂ භේද­ය­න්ටත් ඉහ­ළින් සිට සියලු දෙනාට ජාතික කර්ත­ව්‍ය­යක ප්‍රමු­ඛ­තා­වය කුමක්ද කියන දෙය පැහැ­දිලි කර දෙමින් රටේ ආර්ථි­කය යළි පණ ගැන්වී­මට කට­යුතු කළා.

මුල් වසරේ තිබුණු ඍණ තත්ත්වයේ ආර්ථික වර්ධ­නය ධන තත්ත්ව­ය­කට අද පරි­ව­ර්ත­නය කර තිබෙ­නවා. මේ අපේ මතය නෙවෙයි. ජාත්‍ය­න්තර මූල්‍ය සහ සංව­ර්ධන රට­වල ස්වාධීන පරී­ක්ෂ­ණ­ව­ලින් ඉදි­රි­පත් කර තිබෙන වාර්තා. එයින් කියන්නේ ශ්‍රී ලංකා ආර්ථි­කය යළිත් වරක් ධන වර්ධ­න­ය­කට පරි­ව­ර්ත­නය වෙමින් තිබෙන බවයි. ඒ අත­ර­තුර අපේ රට ලබා­ගෙන තිබුණු ණය යළි ගෙවීම සඳහා රජය සහ ජාත්‍ය­න්තර ද්වීපා­ර්ශ්වික ණය පෞද්ග­ලික ක්ෂේත්‍රයේ ණය දෙන්නන් අතර තිබුණු තත්ත්ව­යන් නිරා­ක­ර­ණය කර­ග­න්නට හැකිව තිබෙ­නවා.

ඒ අත­ර­තුර අප මේ වසරේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට මුහුණ දෙනවා. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මන්ත්‍රී­වරු 91ක් අද ජනා­ධි­ප­ති­තු­මාට සහ­යෝ­ගය දීමට අත්වැල් බැඳ­ගෙන තිබෙ­නවා. ඒ අතර මහ­ජන එක්සත් පෙර­මුණ, ඊ.පී.ඩී.පී. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, නිමල් සිරි­පාල ද සිල්වා ඇතුළු ආණ්ඩුවේ සිටින මන්ත්‍රී කණ්ඩා­යම සහ මුස්ලිම් පක්ෂ­වල මන්ත්‍රී­වරු, වතු­ක­රයේ තොණ්ඩ­මන් මන්ත්‍රී­තුමා ඇතුළු රාශි­යක් ආරම්භ කොට ඉදි­රි­යට ගමන් කරන මේ මාවත දේශ­පා­ල­නික හා ආර්ථික වශ­යෙන් ජය­ග්‍ර­හ­ණය කිරීමේ ක්‍රියා­ව­ලිය තුළින්ම ඉදි­රි­යට ගමන් කර­විය හැකි ශක්ති­මත් විශ්වා­ස­යක් අනා­ගත පර­ම්ප­රා­වට දායාද කිරී­ම­ටයි අපි අත්වැල් බැඳ­ගෙන වැඩ කරන්නේ.

රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා සම්ප්‍ර­දා­යික පිළි­වෙ­ත්ව­ලින් ඉවත් වෙලා සියලු දෙනා සමඟ අත්වැල් බැඳ­ගෙන වැඩ කිරීම සඳහා සිදු කරා වූ ක්‍රියා­දා­මය තව ඉදි­රි­යට ගෙන­ය­මින් ස්වාධීන අපේ­ක්ෂ­ක­යකු ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කිරීම විශේෂ අව­ස්ථා­වක්. ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද­ව­ලට මුල සිට අද දක්වා මම සහ­භාගි වෙලා තියෙ­නවා. ඔය මොන සාක­ච්ඡාව කළත් අත­ර­මග නතර වුණා. ජනා­ධි­ප­ති­තුමා ස්වාධීන පොදු අපේ­ක්ෂ­ක­යෙක් හැටි­යට සිය­ලු­දෙ­නාට එක්ව මේ ජාතික කර්තව්‍ය ජය­ගැ­නී­මට ඉදි­රි­යට ගෙන යාමට හැකි­වන සේ ස්වාධීන අපේ­ක්ෂ­ක­යෙක් බවට එකඟ වී එසේ අනු­ග­ම­නය කළ පිය­ව­ර­යන් අනුව මුදල් තැන්පත් කිරීමේ සිට මේ මැති­ව­රණ සට­නට එක­තු­වීම අපි මහ­ජන එක්සත් පෙර­මුණ හා එප­ම­ණක් නොව අග්‍රා­මා­ත්‍ය­තුමා හැටි­යට මේ ආණ්ඩුව ඉදි­රි­යට ගේන්න විශාල පරි­ත්‍යා­ග­යක් කළ 91 දෙනෙක් මේ ජය­ග්‍ර­හ­ණය ඉදි­රි­යට ගෙන යන්න තීර­ණය වුණා.

ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා ජය­ව­ර්ධන, උප­ස­භා­පති රාජ්‍ය අමාත්‍ය සිසිර ජය­කොඩි, නියෝජ්‍ය ලේකම් පාර්ලි­මේන්තු මන්ත්‍රී යදා­මිණි ගුණ­ව­ර්ධන, උප­ලේ­කම් විජය රත්නා­යක, උප­ස­භා­පති හිටපු නියෝජ්‍ය කථා­නා­යක ගීතාං­ජන ගුණ­ව­ර්ධන ඇතුළු මධ්‍යම කාරක සභි­කයෝ මෙම අව­ස්ථා­වට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT