Home » පුතා‍නෝලා දෙන්නෙක් කොළඹ තැනින් තැන හමු­වෙ­නවා කියලා ආරං­චියි

පුතා‍නෝලා දෙන්නෙක් කොළඹ තැනින් තැන හමු­වෙ­නවා කියලා ආරං­චියි

- ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ආශු මාර­සිංහ

by Gayan Abeykoon
August 2, 2024 1:04 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක, ආරි­ය­රත්න ගනේ­ගොඩ

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ විසින් වෙනම අපේ­ක්ෂ­ක­යෙක් ඉදි­රි­පත් කිරී­මට සූදා­න­ම්යැයි පැවසූ දා සිට රනිල් රාජ­පක්ෂ යන නාමය නැවත භාවිත කිරී­මට හැකි­යා­වක් නැති බව පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ආශු මාර­සිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ සිරි­කොත පක්ෂ මූල­ස්ථා­නයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමු­වට එක් වෙමිනි.එහිදී වැඩි­දු­ර­ටත් පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ආශු මාර­සිංහ මහතා මෙසේද පැව­සීය.වර්ත­මා­නයේ දේශ­පා­ලන ධාරාවේ විවිධ කතා සමා­ජ­ග­ත­වන තත්ත්ව­යක් ඇතිවී තිබෙ­නවා.ඇතැම් කාරණා අපි බලා­පො­රොත්තු නොවන සහ හිත­න්නෙ­වත් නැති කාරණා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මතු­වන බව පේනවා. අද  පුව­ත්ප­තක පල වී තිබෙ­නවා පුව­තක් තරුණ මන්ත්‍රී­ව­ර­යෙක් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් දූෂණ විරෝධී පනත් කෙටු­ම්පත ගෙන ඒම ටිකක් ප්‍රමාද කර­න්නයි ඉල්ලා සිටියා කියලා.මේ ප්‍රවෘ­ත්තිය දැක්කාම හිතා ගන්න බැරි­වුණා.මේ මන්ත්‍රී­ව­රයා මේ දව­ස්වල විවිධ මාතෘ­කා­වල සාක­ච්ඡා­වට බඳු­න්වන කෙනෙක්. ඒ අත­ර­තුරේ රේගු­වම ප්‍රකාශ කර තිබෙ­නවා තාක්ෂ­ණ­යත් සමඟ ඉදි­රි­යට යන්න බැරි හේතු­වම මේ දූෂණ වංචා සිදු­වීම කියලා. හැම තැනම තිබෙන මේ සිදුරු ටික වහලා දාන්න තමයි මේ දූෂණ විරෝධී පනත ගේන්නේ. ඒ සිදුරු වැහීමේ අපේ­ක්ෂා­වෙන් තමයි මේ පනත ගෙන ඒමට ජනා­ධි­පති උත්සාහ ගන්නේ.රට ඉදි­රි­යට යද්දී විවිධ හිතා­ගන්න බැරි ප්‍රවෘත්ති සමා­ජ­ගත වෙනවා අපි දකි­නවා පුතා­ණෝලා දෙන්නෙක් සාකච්ඡා ආරම්භ කර තිබෙ­නවා කියලා.පුව­ත්පත් කාටු­න­ය­කින් සජිත් ප්‍රේම­දාස සහ නාමල් රාජ­පක්ෂ මහ­ත්ව­රුන් කතා කර­නවා ඇඳ­ලත් තිබ්බා.මම මේ නිසාම පාර්ලි­මේ­න්තුවේ හැන්සාඩ් වාර්තා අර­ගෙන පුංචි සමී­ක්ෂ­ණ­යක් කර බැලුවා සජිත් ප්‍රේම­දාස මහතා දැන් යම්කිසි කාල­යක සිට රාජ­පක්ෂ හොර කල්ලිය කියන වච­නය පාවිච්චි කරන්නේ නැහැ.

මේ නාය­කයෝ දෙන්නා කොළඹ ප්‍රදේ­ශයේ තැන් කීප­ය­කදී නිතර හමු­වෙලා තිබෙ­න­වයි කියා අපේ මන්ත්‍රී­වරු කීප­දෙ­නෙ­කුත් අපට කනින් කොනින් ආරංචි කිව්වා. ඒ වගේම නාමල් රාජ­පක්ෂ වෙනම පොහො­ට්ටුව අපේ­ක්ෂ­ක­යෙක් දාන්න සූදා­නම් වෙනවා කියන දා ඉඳන්ම නැවත රනිල් රාජ­පක්ෂ කියන නාමය නැවත පාවිච්චි කරන්න හැකි­යා­වක් නැහැයි කියන කාර­ණය ඉතා පැහැ­දි­ලිව පේනවා. අපි දැක්කා ඒ කාලේ තිබුණා රනිල් වැල් පාල­මෙන් එතෙර කරන්න හදන්නේ නාමල් රාජ­පක්ෂ ද කියලා කිය­නවා. දැන් ඒ කාර­ණය ප්‍රති­ක්ෂේප වී තිබෙ­නවා.මොර­ටුව මහ නගර සභාවේ හිටපු නාග­රික මන්ත්‍රී අනුර සිරිද සිල්වා මහ­තාද මෙහිදී අද­හස් පළ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT