ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය විදී සංචාරය කරන මාර්ග ආලෝකවත් කිරීම සඳහා යුද හමුදාව විසින් අඛණ්ඩව 11වැනි වරටත් කොප්පරා ටොන් 16ක් පූජා කිරීම යුද හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු කෙරිණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝයගනේ කඳවුරේ දී නිෂ්පාදනය කෙරුණු මේ කොප්පරා තොගය දළදා මාලිගාවට පූජා කිරීම රන් ආයුධ මණ්ඩපයේදී සිදු කෙරුණු අතර මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ, කොළඹ ආඥාපති මේජර් ජෙනරාල් නලින් බණ්ඩාරනායක, මධ්‍යම පළාත් ආඥාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.