Home » තරුණ ජවය රටේ ඉදිරි ගම­නට පුළුල්ව දායක කර ගැනීම අර­මු­ණයි
තරුණ සංවි­ධා­න­ව­ලින් මත්ද්‍රව්‍ය නිවා­රණ වැඩ­පි­ළි­වෙ­ළ­ටත් පුළුල් දාය­ක­ත්ව­යක්

තරුණ ජවය රටේ ඉදිරි ගම­නට පුළුල්ව දායක කර ගැනීම අර­මු­ණයි

යොවුන් සංවි­ධා­න­ව­ලට ප්‍රති­පා­දන දැන­ට­මත් වෙන් කර ඇති බව ජන­පති කියයි

by Gayan Abeykoon
August 2, 2024 1:23 am 0 comment

චමීර ඇල්ල­දෙ­ණිය
ජනපති බාල­ද­ක්ෂිකාවන් සමග කතා බහක

බාල­දක්ෂ ව්‍යාපා­රය, ශිෂ්‍ය භට බළ­කාය සහ යොවුන් සේනාං­කය වැනි තරුණ සංවි­ධාන සෑම අතින්ම ශක්ති­මත් කර රටේ ඉදිරි ගමන වෙනු­වෙන් තාරු­ණ්‍යය පුළුල් ලෙස දායක කර ගැනීම තම අර­මුණ බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැවැ­සීය. ඒ වෙනු­වෙන් අවශ්‍ය ප්‍රති­පා­දන, රජය දැන­ට­මත් වෙන් කර ඇති බව පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රියේ දී ද ඊට අවශ්‍ය ප්‍රති­පා­දන වෙන් කරන බව කියා සිටි­යේය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව සඳ­හන් කළේ ශ්‍රී ලංකා බාල­ද­ක්ෂිකා සංග­මයේ සාමා­ජි­කා­වන්ට ජනා­ධි­පති පද­ක්කම් පිරි­නැ­මීම වෙනු­වෙන් කොළඹ බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලාවේ ඊයේ (31) පැවැති උත්ස­ව­යට එක්වෙ­මිනි.

ජනපති අතින් තිළිණ ළබමින්

ජනපති අතින් තිළිණ ළබමින්

75,000ක් වූ බාල­ද­ක්ෂිකා ව්‍යාපා­රයේ සාමා­ජි­ක­ත්වය 150,000 දක්වා ඉහළ නැංවී­මට අවශ්‍ය සහාය ලබා දෙන බව ද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී පැවැ­සීය.

බාල­දක්ෂ ව්‍යාපා­රය, ශිෂ්‍ය භට බළ­කාය සහ යොවුන් සේනාංක වැනි තරුණ සංවි­ධාන හරහා මත්ද්‍රව්‍ය නිවා­රණ වැඩ­පි­ළි­වෙ­ළට ද පුළුල් දාය­ක­ත්ව­යක් ලබා­ගත හැකි බව ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

බාල දක්ෂි­කා­වන් 2000ක් සඳහා ජනා­ධි­පති පද­ක්කම් පිරි­නැ­මීම මෙහිදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා බාල­ද­ක්ෂිකා සංග­මයේ සභා­ප­තිනි ශාන්ති විල්සන් මහ­ත්මිය විසින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙනු­වෙන් ද විශේෂ සිහි­ව­ටන තිළි­ණ­යක් පිළි­ගැ­න්වූ­වාය.

මෙහිදී වැඩි­දු­ර­ටත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේද පැවැ­සීය.

“බාල­දක්ෂ ව්‍යාපා­රය ගැන මට හොඳ අව­බෝ­ධ­යක් තිබෙ­නවා. මගේ පවුලේ කීප­දෙ­නෙක්ම මේ සංවි­ධා­නයේ ක්‍රියා­කා­රිව කට­යුතු කළා. බාල­දක්ෂ ව්‍යාපා­රය තව­දු­ර­ටත් දියුණු කළ යුතුයි. බාල­ද­ක්ෂිකා සංග­ම­යට අවශ්‍ය ගොඩ­නැ­ඟි­ල්ලක් ලබා­දෙන ලෙස ඉල්ලී­මක් ඉදි­රි­පත් කෙරුණා. ඒ ඉල්ලීම ඉටු කිරී­මට පිය­වර ගන්නා බව සඳ­හන් කළ යුතුයි. බාල­දක්ෂ ව්‍යාපා­රය, ශිෂ්‍ය භට බළ­කාය මෙන්ම යොවුන් සේනාංක සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර තිබෙ­නවා. අනෙක් සංවි­ධාන ක්‍රියා­ත්මක කිරීම වෙනු­වෙන් වෙනම මුදල් ප්‍රමා­ණ­යක් ආණ්ඩු­වෙන් ලබා­දී­මට බලා­පො­රොත්තු වෙනවා.

මෙලෙස මුදල් වෙන් කිරී­මට හැකි­යාව ලැබී තිබෙන්නේ ආණ්ඩු­වට දැන්. ඒ මුදල් ටිකක් තිබෙන නිසයි. මම මේ රට භාර ගනිද්දි ආණ්ඩු­වට මුදල් තිබුණේ නැහැ. අපි දැන් අසීරු කාලය පසු කර තිබෙ­නවා. පාඩු ලබන රාජ්‍ය සංස්ථා­ව­ලට මුදල් යොද­වන එක අපි දැන් නතර කර තිබෙ­නවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනීම ද නතර කර තිබෙ­නවා. අපට ගෙවී­මට තිබෙන ණය ප්‍රමා­ණ­යත් අඩු වෙලා. ඒ නිසා දැන් ආණ්ඩුව යම් මුදල් ප්‍රමා­ණ­යක් තරුණ පර­පුර වෙනු­වෙන් යෙද­වී­මට බලා­පො­රොත්තු වෙනවා.

මේ වන විට අධ්‍යා­ප­නය වෙනු­වෙන් පුළුල් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­මින් තිබෙ­නවා. ඉදිරි අවු­රුදු කීපයේ දී ඒ වෙනු­වෙන් විශාල මුද­ලක් වැය කිරී­මට අපට සිදු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ද අවශ්‍ය මුදල් අප වෙන් කිරී­මට සැල­සුම් සහ­ග­තව අප කට­යුතු කර­මින් සිටි­නවා.

අධ්‍යා­පන අංශය පොත­ප­තට සීමා කරන්න බැහැ. දරු­වන්ට ඉදි­රි­යට යෑමට නව අවස්ථා සොයා දිය යුතුයි. ඒ සඳහා අප ඉදි­රියේ දී මුදල් වැය කර­නවා. එහිදී බාල­දක්ෂ ව්‍යාපා­රය සෑම අංශ­ය­කින්ම දියුණු කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. 75,000ක් වන මෙහි සාමා­ජි­ක­ත්වය ඉදි­රි­යේදී 150,000ක් බවට පත් කර ගත යුතුයි. ඊට අවශ්‍ය සහාය ලබා­දී­මට රජය බලා­පො­රොත්තු වෙනවා.

මෙවන් සංවි­ධාන හරහා අපට විශාල වැඩ කොට­සක් ඉටු කළ හැකියි. මත්ද්‍රව්‍ය මර්දන කමි­ටුව සමඟ සාකච්ඡා කළ විට ඔවුන් සඳ­හන් කළේ පාස­ල්වල වැඩි වශ­යෙන් බාල­දක්ෂ සංවි­ධාන සහ ශිෂ්‍ය භට බළ­කාය ඇති කළ යුතුයි කිය­ලයි. මත්ද්‍රව්‍ය මර්දන වැඩ­පි­ළි­වෙ­ළට එම­ඟින් විශාල දාය­ක­ත්ව­යක් ලබා ගත හැකියි.

ඒ වගේම දිස්ත්‍රික් මට්ට­මින් සහ ජාතික මට්ට­මින් බාල­දක්ෂ කඳ­වුරු ඇති කිරී­මට යම් කාල­ය­කට රජයේ ගොඩ­නැ­ඟිලි ලබා­දිය හැකියි. අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සමඟ එක්වී එම වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කරන මෙන් ඉල්ල­මින් ඔබ සිය­ලු­දෙ­නාට මම සුබ පත­නවා.

අධ්‍යා­පන අමා­ත්‍යං­ශයේ ලේකම් තිලකා ජය­සු­න්දර, ශ්‍රී ලංකා බාල­දක්ෂ සංග­මයේ ප්‍රධාන බාල­දක්ෂ කොම­සා­රිස් නීතිඥ ජන­ප්‍රිත් ප්‍රනාන්දු  ශ්‍රී ලංකා බාල­ද­ක්ෂිකා  සංග­මයේ ප්‍රධාන කොම­සා­රිස් ආචාර්ය කුෂන්තා  හේරත් මහත්ම මහ­ත්මීන් සහ බාල දක්ෂි­කා­වන් විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT