Home » ඉන්දීය සුපිරි රංගන ශිල්පිනී රම්බා යාප­න­යට

ඉන්දීය සුපිරි රංගන ශිල්පිනී රම්බා යාප­න­යට

-පොදි කමින් සිටි රසි­ක­යන් නිසා යාප­නය ගුව­න්තොට නොස­න්සුන්

by Gayan Abeykoon
August 2, 2024 1:05 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

ඉන්දීය සුපිරි රංගන ශිල්පිනී රම්බා යාප­න­යට පැමි­ණී­මත් සම­ඟම ඇගේ රසික රසි­කා­වි­යන් විශාල පිරි­සක් ඇය දැකී­මට යාප­නය ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළට පැමි­ණීම නිසා ගුව­න්තො­ටු­පොළ අසල දැඩි නොස­න්සු­න්තා­වක් පෙරේදා (31) ඇති වී තිබිණි.

රම්බාට මල් කලඹ පිළි­ගැ­න්වී­ම­ටත් ඇයව දැකී­ම­ටත් ඇය සමඟ සෙල්ෆි ඡායා­රූප ගැනී­ම­ටත් විශාල පිරි­සක් ගුව­න්තො­ටු­පොළ පර්ය­න්ත­යට ඇතු­ළු­වී­මට උත්සාහ කිරීම නිසා ඇති වූ නොස­න්සුන් තත්ත්වය පාල­නය කිරීම පිණිස පොලිස් බල ඇණි කීප­යක්ද යෙද­වී­මට සිදුව තිබිණි.

ඉන්දි­යාවේ සිට පෞද්ග­ලික ගුවන් යාන­ය­කින් රම්බා හා ඇගේ සැමියා ද තවත් කීප දෙනෙකු ද යාප­න­යට පැමිණ සිටියේ ඔවුන්ගේ විය­ද­මින් යාප­නයේ පව­ත්වා­ගෙන යන පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ල­යක උපාධි හා ඩිප්ලෝමා සහ­තික ප්‍රදා­නය කිරීමේ උත්ස­ව­ය­කට සහ­භාගි වීම­ටය.

යාප­නයේ උපන් රම්බාගේ සැමි­යාගේ උපන් දිනය ද මේ සතියේ යාප­න­යේදී සැම­රී­මට රම්බා හා ඇගේ සැමියා බලා­පො­රොත්තු වෙයි.

පසු­ගිය වසරේ පෙබ­ර­වාරි 9දා ඉන්දීය සුපිරි ගායක හරි­හ­රන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති මහා සංගීත රාත්‍රි­ය­කට රම්බා පැමිණ නර්ත­න­යක් ඉදි­රි­පත් කර­මින් සිටි­යදී යාප­නයේ රසික රසි­කා­වි­යන් වේදි­කාව දෙසට යෑමට උත්සාහ කිරීම නිසා විශාල කල­බ­ල­යක් ඇති වූ අතර ඒ හේතුව මත ප්‍රසං­ගය අව­ලංගු කිරී­මට ද සංවි­ධා­ය­ක­ව­රුන්ට සිදු­විය.

ඒ අව­ස්ථා­වේදී කුපිත වූ පිරි­සක් වේදි­කාවේ හා අවට තිබූ භාණ්ඩ­ව­ලට පහ­ර­දීම නිසා රුපි­යල් ලක්ෂ ගණ­නක පාඩු­වක් සිදු වූ අතර නව දෙනෙකු පොලිස් අත්අ­ඩං­ගු­වට ගැනී­මට ද සිදු­විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT