Home » දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යෙක් අල්ලස් දැලේ

දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යෙක් අල්ලස් දැලේ

by Gayan Abeykoon
August 2, 2024 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ

දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යකු රුපි­යල් ලක්ෂ 15ක  අල්ලස් මුද­ලක් ලබා ගැනී­මක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව කියයි.

පොළො­න්න­රුව ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යකු විසින් කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන ‍මහවැලි බී කලා­ප­යට අයත් මඩ­ක­ළ­පුව දිස්ත්‍රි­ක්කයේ පිහිටි ජය මිනි­යාය වැවේ රොන් මඩ ඉවත් කර එම රොන්මඩ නිස්සා­ර­ණය කර වැලි විකි­ණීමේ ව්‍යාපෘ­ති­යක් සඳහා පැමි­ණි­ලි­ක­රුට හිමි පුද්ග­ලික සමා­ගම නමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාං­ශ­යෙන් ලබා ගත යුතු බල­ප­ත්‍රය ලබා­දීම සඳහා  අල්ලස් මුදල තුටු පඬු­රක් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝද­නාව මත කර­ඬි­ය­නාරු  ප්‍රදේ­ශයේ දේශ­පා­ලන ක්‍රියා­කා­ර­ක­යකු වන ව්‍යාපා­රි­ක­යකු මඩ­ක­ළ­පුව රාජ්‍ය බැංකු­වක් ඉදි­රි­පි­ටදී සහ දේශ­පා­ලන ක්‍රියා­කා­රි­කයා මඩ­ක­ළ­පුව  පිහිටි කාර්යා­ල­යේදී අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය කියයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙනා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොම්ෂන් සභාව පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT