Home » සීඅයි නෝනාට දුර­ක­ත­නෙන් තග දැමූ පීසීට අත්හි­ටවූ සිරදඬු­වම්

සීඅයි නෝනාට දුර­ක­ත­නෙන් තග දැමූ පීසීට අත්හි­ටවූ සිරදඬු­වම්

by Gayan Abeykoon
August 2, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

පොලො­න්න­රුව පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­රි­ය­කගේ ජංගම දුර­ක­ත­න­යට ඇම­තු­මක් ගෙන ඇයට හා දරු­වන්ට බැණ තර්ජ­නය කළ පොලිස් කොස්තා­ප­ල්ව­ර­ය­කුට පොලො­න්න­රුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් මාස 6ක බර­ප­තළ වැඩ ඇතිව සිර­ද­ඬු­මක් නියම කර­මින් එය වසර 5කට අත්හි­ටු­වනු ලැබීය.

මේ සිර­ද­ඬු­ව­මට අම­ත­රව රු. 1,500ක දඩ­ය­ක­ටද මේ පොලිස් කොස්තා­ප­ල්ව­රයා යටත් කරනු ලැබීය. මෙසේ දඬු­වම් නියම වූයේ මේ වන විට වවු­නි­යාව පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිරත පොලිස් කොස්තා­පල් සී.ජේ. වෙල­ගෙ­දර නමැති නිල­ධා­රි­යා­ටය. මොහු වැලි­කන්ද පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිර­තව සිටි­යදී 2022 වසරේ අප්‍රේල් 29 දා මේ සිදු­වීම වී තිබේ. පොලිස් කොස්තා­ප­ල්ව­රයා කළ තර්ජ­නය සම්බ­න්ධ­යෙන් ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­රිය කළ පැමි­ණි­ල්ල­කට අනුව කොස්තා­ප­ල්ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මට පොලො­න්න­රුව පොලි­සිය පිය­වර ගෙන තිබිණි. ඒ සම්බ­න්ධ­යෙන් පැවති නඩු විභා­ගයේ තීන්දුව පෙරේදා (31) ප්‍රකාශ කර­මින් පොලිස් කොස්තා­ප­ල්ව­ර­යාට මේ දඬු­වම නියම වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT