Home » පෙත්සම 5 වැනිදා කැඳ­වී­මට නියෝග
මවු­කිරි බොන බිලි­ඳකු බේබදු සල්ලා­ල­ය­කුට භාර දීම:

පෙත්සම 5 වැනිදා කැඳ­වී­මට නියෝග

by Gayan Abeykoon
August 2, 2024 1:00 am 0 comment

අනු­රා­ධ­පුර අධි­ක­රණ - උපාලි ආනන්ද

තම මව­ගෙන් මවු­කිරි බොමින් පෝෂ­ණය වෙමින් සිටි බිලිඳු දරු­ව­කුගේ භාර­කා­රි­ත්වය කැබි­ති­ගො­ල්ලෑව පරි­වාස නිල­ධා­රි­යාගේ වාර්තා­වක් පද­නම් කර­ගෙන, අධික ලෙස මත්පැ­නට සහ ගංජා පාන­යට පුරු­දුව සිටින ස්ත්‍රී දූෂණ නඩු­වක විත්ති­ක­රු­ව­කුට පැව­රීම අභි­යෝ­ග­යට ලක් කර­මින් අදාළ දරු­වාගේ මිත්ත­ණිය සහ සීයා විසින් යොමු කර ඇති පෙත්සම මේ මස 5 දා කැඳ­වී­මට නියෝග කළ කැබි­ති­ගො­ල්ලෑව වැඩ­බ­ලන දිසා විනි­සුරු දිලී­ෂියා දිසා­නා­යක මහ­ත්මිය පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන්ට එදින අධි­ක­ර­ණය හමුවේ යළි පෙනී සිටින ලෙස­ටද නියෝග කළාය.

හොරො­ව්පො­තාන, කිව්ලේ­කඩ, අංක 156 ලිපි­නයේ පදිං­චි­ක­රු­වන් වන මොහො­ම්මදු රෂාක් සුභානි, මොහො­මඩ් ජමාල් මොහො­මඩ් සුල්පි සහ මොහො­මඩ් සුල්පි ෆාතිමා සුභා යන තිදෙනා ජ්‍යෙෂ්ඨ නීතිඥ රංග සුජීව වීර­සේන මහතා මඟින් කැබි­ති­ගො­ල්ලෑව දිසා අධි­ක­ර­ණ­යට යොමු කොට ඇති  පෙත්ස­මක් යළි කැඳවූ අව­ස්ථා­වේ­දීය. මේ පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස නම් කර ඇත්තේ හොරො­ව්පො­තාන, ගලෙ­න්බි­ඳු­ණු­වැව පාර පදිං­චි­ක­රු­වන් වන ජහ­බ්දීන් මොහො­මඩ් පර්ෂාන් සහ සහ­බ්දීන් නූර්ජාන් සහ කැබි­ති­ගො­ල්ලෑව පරි­වාස නිල­ධාරි සුසන්ත ඒක­නා­යක සහ උතුරු මැද පළාත් පරි­වාස කොම­සා­රිස් සුරීතා පෙරේරා යන අයයි.

පෙත්ස­ම්ක­රු­වන් වෙනු­වෙන් සිය මූලික කරුණ දැක්වී­ම්ව­ලදී ජ්‍යෙෂ්ඨ නීතිඥ රංග සුජීව වීර­සේන මහතා අධි­ක­ර­ණ­යට කියා සිටියේ පළමු සහ දෙවැනි පෙත්ස­ම්ක­රු­වන් දෙදෙනා ප්‍රශ්න­ගත දරුවා ප්‍රසූත කළ 14 හැවි­රිදි මවගේ පියා සහ මව බවයි. පෙත්සමේ දෙවැනි  වග­උ­ත්ත­ර­කාර ජහ­බ්දීන් මොහො­මඩ් පර්ෂාන් නමැත්තා පෙත්ස­ම්කාර මවු­පි­යන්ගේ 14 හැවි­රිදි දැරි­යක දූෂ­ණය කර ඇය ගැබි­නි­යක බවට පත් කර දරු­වකු ප්‍රසූත කිරී­මට සැලැස්වූ සිද්ධි­යට අදාළ නඩුවේ විත්ති­කරු බවද නීති­ඥ­ව­රයා ප්‍රකාශ කළේය. 14 හැවි­රිදි එම දැරිය දූෂ­ණය කිරීමේ සිද්ධි­යට අදා­ළව හොරො­ව්පො­තාන පොලි­සිය විසින් පවරා ඇති නඩුව මේ වන විට කැබි­ති­ගො­ල්ලෑව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ විභාග වෙමින් පව­තින බවද නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

පෙත්ස­ම්ක­රු­වන්ගේ 14 හැවි­රිදි දැරිය දූෂ­ණ­යට කර ගැබි­නි­යක බවට පත් කිරීම හේතු­වෙන් ඇය  ප්‍රසූත කළ දරුවා කැබි­ති­ගො­ල්ලෑව පරි­වාස නිල­ධා­රි­යාගේ වාර්තා­වක් පද­නම් කර­ගෙන ඇය­ගෙන් වෙන් කොට, මුල් අව­ස්ථාවේ පරි­වාස භාර­යට පත් කොට අභය ළමා නිවා­සයේ රඳවා  ඇති බවද අධි­ක­ර­ණ­යට සැල කළ නීතිඥ රංග සුජීව මහතා එලෙස දරුවා පරි­වාස භාර­යට පත් කර ඇත්තේ කැබි­ති­ගො­ග්ලෑව පරි­වාස නිල­ධා­රි­ව­ර­යාගේ පරි­වාස වාර්තාව සැල­කි­ල්ලට ගෙන බවද කීවේය. දරුවා පරි­වාස භාරයේ සිටින අත­ර­තුර කැබි­ති­ගෙ­ල්ලෑව පරි­වාස නිල­ධා­රි­ව­රයා මෝස­මක් ඉදි­රි­පත් කර­මින් පරි­වාස භාරයේ සිටි දරුවා එම දරු­වාගේ 14 හැවි­රිදි මව දූෂ­ණය කළ බවට චෝදනා ලබා සිටින අධික ලෙස මත්පැන්  සහ ගංජා පාන­යට පුරු­දුව සිටින විත්ති­ක­රුට (දරු­වාගේ මව දූෂ­ණය කිරීමේ සිද්ධි­යට අදාළ නඩුවේ විත්ති­ක­රුට) භාර දෙන ලෙසට අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීම් කර ඇති බවද අධි­ක­ර­ණ­යට  කී නීති­ඥ­ව­රයා එකී පරි­වාස වාර්තා­වට අනුව පරි­වාස භාරයේ සිටි දරුවා එම විත්ති­ක­රුට භාර දී ඇති බවද පවසා සිටි­යේය. කැබි­ති­ගො­ල්ලෑව පරි­වාස නිල­ධා­රි­ව­රයා විසින් දරුවා වග­උ­ත්ත­ක­රු­වන්ට භාර දීමට කට­යුතු කර ඇත්තේ පෙත්ස­ම්ක­රු­වන්ට (දරු­වාගේ මවට මිත්ත­ණි­යට සහ සීයාට) කිසිදු දනුම් දීමක් නොක­ර­මින් බවද නීති­ඥ­ව­රයා දන්වා  සිටි­යේය. මේ තත්ත්ව­යට නිසා දරු­වාට අවශ්‍ය පෝෂ­ණය, ආර­ක්ෂාව, රැක­ව­ර­ණය සහ මාන­සික සුවය අහි­මිව ගොස් ඇති බවද අධි­ක­ර­ණ­යට සැල කළ නීති­ඥ­ව­රයා මේ ක්‍රියාව හේතු­වෙන් තමා ප්‍රසූත කළ මව­ගෙන් මවු­කිරි බීමට දරු­වාට තිබූ අයි­තිය පවා අහිමි කර ඇති බව­ටද චෝදනා කළේය.

ප්‍රශ්න­ගත දරුවා කැබි­ති­ගො­ල්ලෑව පරි­වාස නිල­ධා­රි­ව­ර­යාගේ පරි­වාස වාර්තා­වක් පද­නම් කර­ගෙන මුලින් පරි­වාස භාර­යට පත් කිරී­ම­ටත් පසුව පරි­වාස භාර­යෙන් ඉවත් කොට අධික ලෙස මත්පැන් සහ ගංජා පාන­යට පුරු­දුව සිටින ස්ත්‍රී දූෂණ නඩු­වක විත්ති­ක­රු­ව­කුට භාර දීමේ සිද්ධිය පිළි­බ­ඳව උතුරු මැද පරි­වාස කොම­සා­රි­ස්ව­රි­ය­ගෙන් වාර්තා­වක් කැඳ­වී­මට නියෝග කර­න්නැයි නීතිඥ රංග සුජීව මහතා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. මේ පෙත්සම විභා­ග­යට ගන්නා ලෙස සිය මූලික කරුණු දක්වී­ම්ව­ලදී අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි නීතිඥ රංග සුජීව මහතා ප්‍රශ්න­ගත දරු­වාගේ  ස්ථිර නෛතික හා ශාරී­රික භාර­කා­රි­ත්වය පෙත්ස­ම්ක­රු­වන්ට පැව­රීමේ නියෝ­ග­යක් නඩු විභා­ගය අව­සා­නයේ නිකුත් කරන ලෙසද අයැද සිටි­යේය. මේ නඩුව විභාග කර අව­සන් තීන්දු­වක් දෙන තෙක් දරුවා පෙත්ස­ම්ක­රු­වන්ට (දරු­වාගේ මවගේ මවු­පි­යන්ට) භාර දීමේ අතුරු නියෝ­ග­යක් නිකුත් කරන ලෙසද නීති­ඥයා ඉල්ලා සිටි­යේය. කැබි­ති­ගො­ල්ලෑව දිසා විනි­සුරු සහ මහේ­ස්ත්‍රාත් කසුන් දස­නා­යක මහ­තාගේ නියෝ­ග­ය­කට අනුව මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් උතුරු මැද පළාත් පරි­වාස කොම­සා­රි­ස්ව­රි­ගෙන්ද වාර්තා­වක් මේ වන විට කැඳවා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT