78
තරුණියකගේ ඡායාරූපයකට නිරුවත් කාන්තාවකගේ රුවක් බද්ධ කර, එය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ සේවයේ නිරත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ලේ පිහිටි පරිගණක අපරාධ විමර්ශන උප ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (31) අත්අඩංගුවට ගෙන ඇත.
මේ නිලධාරියා වයස අවුරුදු 23ක් වන තැනැත්තකු බවත්, ඔහු විසින් කර ඇත්තේ ලිංගික හිංසනයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.