Home » සෝමා­ව­තියේ සතුන් මැරූ සිව් දෙන­කුට 140,000ක් දඩ

සෝමා­ව­තියේ සතුන් මැරූ සිව් දෙන­කුට 140,000ක් දඩ

පැමිණි බෝට්ටුව රාජ­ස­න්ත­කයි

by Gayan Abeykoon
August 2, 2024 1:06 am 0 comment

ත්රිකු­ණා­මල දිස්ත්රික් සමූහ - ප්රියාන් මලින්ද

සෝමා­වතී ජාතික වනෝ­ද්‍යා­නයේ තුන්මෝ­දර ප්‍රදේ­ශ­යට මෝටර් බෝට්ටු­වක් ආධා­ර­යෙන් මූතූර් ප්‍රදේ­ශයේ සිට මහ­වැලි ගඟ දිගේ පැමිණ, එහි සතුන් දඩ­යම් කර­මින් සිටි සිව්දෙ­න­කුට අය­කුට රු. 35,000 බැගින් රු. 140,000ක දඩ මුද­ලක් පෙරේදා (31) නියම කළ මූතූර් මහේ­ස්ත්‍රාත් එච්.එම්. තස්ලිම් ෆවු­සාන් මහ­ත්මිය බෝට්ටුවද රාජ­ස­න්තක කළාය.

මෙසේ දඩ නියම වූයේ මූතූර් ප්‍රදේ­ශයේ පදිංචි සිව්දෙ­න­කු­ටය. මේ පිරිස ඉකුත් පෙබ­ර­වාරි 4 දින බෝට්ටු­ව­කින් මහ­වැලි ගඟ දිගේ පැමිණ වනෝ­ද්‍යා­න­යට ඇතුළු වී, කොටන තුව­ක්කු­ව­කින් සතුන් දඩ­යමේ යෙදී සිටි අත­ර­තුර කන්තලේ වන­ජීවී නිල­ධා­රීන් සහ පොලිස් විශේෂ කාර්ය බළ­කාය හා එක්ව කළ මෙහෙ­යු­ම­කදී අත්අ­ඩං­ගු­වට ගෙන මූතූර් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරනු ලැබූහ. එහි අව­සන් නඩු තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රිය මේ නියෝ­ගය දුන්නාය.

වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ත්‍රිකු­ණා­මල දිස්ත්‍රික් සහ­කාර අධ්‍ය­ක්ෂගේ උප­දෙස් හා මඟ­පෙ­න්වීම මත හා පරෙවි දූපත් ජාතික උද්‍යා­නයේ භාර­කා­ර­යාගේ මඟ­පෙ­න්වීම මත මේ මෙහෙ­යුම සිදු කර ඇති අතර, පෙරේ­දාට යෙදුණු ලෝක වන­ජීවී ආර­ක්ෂ­ක­යන්ගේ දිනය දා එහි තීන්දුව ලැබීම විශේෂ කරු­ණක් බව කන්තලේ වන­ජීවී නිල­ධා­රීහු පැව­සූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT