Home » තරුණ බිරි­ය­කගේ සැක සහිත මර­ණ­යක් නිසා කිරි­මැ­ටි­යාවේ මහ­මඟ විරෝ­ධ­තා­වක්

තරුණ බිරි­ය­කගේ සැක සහිත මර­ණ­යක් නිසා කිරි­මැ­ටි­යාවේ මහ­මඟ විරෝ­ධ­තා­වක්

by Gayan Abeykoon
August 2, 2024 1:06 am 0 comment

වාරි­ය­පොළ සමූහ එන්.එම්. රවින්ද්ර ප්රභාත්
දේහය මාර්ගයේ තබා තිබූ අයුරු

සැමි­යාගේ පහර දීමෙන් 18 හැවි­රිදි බිරිය මිය­ගිය බවට චෝදනා කර­මින් ඊයේ (31) සවස කිරි­මැ­ටි­යාව උණ­ලීය මාර්ගයේ වැටැ­හැ­පි­ටිය මංස­න්ධි­යේදී මිය­ගිය අයගේ සිරුර තබා­ගෙන පිරි­සක් විරෝ­ධ­තා­වක නිරත වූ බව කටු­පොත පොලි­සිය කියයි.

මෙසේ මිය­ගොස් තිබුණේ කිරි­මැ­ටි­යාව කෙළි­නා­වල පදිං­චිව සිටි ආර්.පී. සෙනුරි ප්‍රේම­ති­ලක නමැති කාන්තා­වකි. මිය­ගිය තැනැ­ත්තිය මීට මාස කීප­ය­කට පෙර කිරි­මැ­ටි­යාව මඩු­ගොල්ල ප්‍රදේ­ශයේ පදිංචි තරු­ණ­යකු සමඟ විවාහ වී ඇති බව සිද්ධිය සම්බ­න්ධ­යෙන් සිදු කරන පරී­ක්ෂ­ණ­ව­ලදී පොලි­සිය විසින් අනා­ව­ර­ණය කර­ගෙන තිබිණි. මේ යුව­ළගේ නිවෙසේ සිදු වූ ආර­වු­ල­කදී තරු­ණ­යාගේ පියා විසින් තරු­ණි­යගේ මවට පහර දුන් බවට කටු­පොත පොලි­සියේ පැමි­ණි­ල්ලක් සට­හන් කර තිබුණේ මීට දින කීප­ය­කට ඉහ­ත­දීය. මේ පැමි­ණිල්ල වහා ඉවත් කර­ගන්නා ලෙස තරු­ණයා සිය බිරි­යට බල කර ඇතැයි විරෝ­ධ­තා­ව­යට එක් වූ මිය­ගිය තරු­ණි­යගේ ඥාතීහු කියති. ඒ අව­ස්ථා­වේදී ඇති වූ බහි­න්බස් වීමෙන් පසු තරු­ණයා සිය බිරි­යට පහ­රදී ඇතැ­යිද පිරිස චෝදනා කරන අතර, පහ­රකෑ තරු­ණිය රෝහ­ල්ගත කිරී­මෙන් අන­තු­රුව මිය­ගිය බව පැව­සූහ. මෙසේ මිය­ගිය තරු­ණි­යගේ දේහය මහ­මඟ තබා­ගෙන විරෝ­ධ­තාවේ යෙදුණ පිරිස ඉල්ලා සිටියේ තරු­ණි­යට පහර දුන් ඇයගේ සැමියා වහා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙසයි.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් කටු­පොත පොලි­සියේ ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) කමල් රත්නා­යක මහ­තා­ගෙන් කළ විම­සී­මේදී ඔහු පැව­සූයේ කුලි­යා­පි­ටිය මහ රෝහ­ලෙන් සිදු කරන ලද අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂ­ණයේ වාර්තාව අනුව මිය­යෑ­මට හේතුව පහර දීමක් බව අනා­ව­ර­ණය වී නැති බවයි. කෙසේ වුවද මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණ­යක් සිදු කළ බැවින් එම නඩුව කැඳවූ විට ඕනෑම අය­කුට ඉදි­රි­පත්ව කරුණු දැක්විය හැකි බවද ඔහු පැව­සීය. කටු­පොත පොලි­සියේ කරුණු පැහැ­දිලි කිරීම සහ මැදි­හත් වීම මත පිරිස දේහ­යද රැගෙන විසිර ගිය බව පොලි­සිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT