Saturday, April 19, 2025
Home » මාස 2ක් ඇතු­ළත පිහි ඇනු­ම්ව­ලින් චීනයේ 55ක් මරුට

මාස 2ක් ඇතු­ළත පිහි ඇනු­ම්ව­ලින් චීනයේ 55ක් මරුට

රජයේ දැඩි අව­ධා­නය යොමු වෙයි

by Gayan Abeykoon
August 2, 2024 1:13 am 0 comment

මාස දෙකක් ඇතු­ළත පිහි ඇනුම් සිදු­වීම් හේතු­වෙන් පුද්ග­ල­යන් 55 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වීම සම්බ­න්ධව චීන රජයේ දැඩි අව­ධා­නය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන රජය මේ පිළි­බඳ අව­ධා­නය යොමු කිරී­මට පිය­වර ගෙන ඇත්තේ ජූලි මාස මුල් භාග­යේදී අහඹු පිහි ඇනුම් සිදු­වීම් දෙකක් වාර්තා වීමත් සමඟ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඒ සිදු­වීම් දෙකත් සමඟ පසු­ගිය මැයි මාසයේ 7 වැනිදා සිට ජූලි  මස 4 දින දක්වා කාලය ඇතු­ළත පුද්ග­ල­යන් 55 දෙන­කුට දිවි අහිමි වීමට පිහි ඇනුම් සිදු­වීම් 40ක් හේතු වී ඇතැයි එරට ප්‍රාදේ­ශීය මාධ්‍ය සඳ­හන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ගුවැ­න්ංෂී ප්‍රාන්තයේ සහ ගුයිපිං සිටි හි  යූමා නම් වූ කුඩා නග­ර­ය­කදී දරුණු පිහි ඇනුම් සිදු­වීම් වාර්තා වී ඇති බවත්, එම පිහි ඇනු­ම්ව­ලට බාල­ව­ය­ස්කාර දරු­වන් ද ගොදු­රුවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. එම සිදු­වී­ම්ව­ලට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය­ජා­ල­යට බෙදා හැරී­ම ගැන රජයේ බල­ධා­රීන් අන­තුරු ඇඟ­වී­මෙන් පසු චීන පොලි­සිය තහ­වුරු නොකළ එවැනි වීඩියෝ පට බෙදා හැරී­මට එරෙ­හිව නීති­මය ක්‍රියා­මාර්ග ගන්නා බවට ප්‍රදේ­ශ­වා­සීන්ට තර්ජ­නය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT