Home » ජයන්ත චන්ද්‍ර­සිරි GFLAP විශි­ෂ්ටතා සම්මා­න­යට

ජයන්ත චන්ද්‍ර­සිරි GFLAP විශි­ෂ්ටතා සම්මා­න­යට

by Gayan Abeykoon
August 2, 2024 1:06 am 0 comment

ශ්‍රී ලංකා ජාතික ඡායා­රූප කලා සංග­මයේ හත­ළිස් පස්වෙනි ඡායා­රූප ප්‍රද­ර්ශ­නය පසු­ගිය දින ජේ.ඩී.ඒ. පෙරේරා කලා­ගා­ර­යේදී පැවැ­ත්විණි. එහිදී සම්මා­න­නීය සිනමා අධ්‍ය­ක්ෂ­ව­ර­යෙකු මෙන්ම වේදිකා සහ රූප­වා­හිනී නාට්‍ය­වේ­දි­යකු, ජ්‍යෙෂ්ඨ පුව­ත්පත් කලා­වේදි ජයන්ත චන්ද්‍ර­සිරි ලොව ප්‍රමු­ඛ­තම ඡායා­රූප කලා බළ­මු­ළුව වන ජාත්‍ය­න්තර ඡායා­රූප කලා සම්මේ­ල­නයේ FLAP ප්‍රමි­තීන්ට යටත්ව ඊට අනු­බ­ද්ධිත රට­වල ඡායා­රූප සංග­ම්ව­ලට පිරි­නැ­මිය හැකි ඉහ­ළම ගෞරව සම්මා­නය වන ‘ගෞරව සහ­භාගී විශි­ෂ්ටතා සම්මා­න­යෙන්’ HON FNPAS) පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා ජාතික ඡායා­රූප කලා සංග­මය මඟින් වස­ර­කට සම්මාන තුන බැඟින් මෙහිදී පිරි­න­මනු ලැබේ. ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ සින­මාව, රූප­වා­හි­නිය හා ජන­මා­ධ්‍ය­වේ­දය යන අංශ තුළ පෙන්නුම් කළ ප්‍රතිභා සම්පන්න දාය­ක­ත්වය අග­ය­මින් ජයන්ත චන්ද්‍ර­සිරි සින­මා­වේ­දි­යා­ණන්ට මෙම සම්මා­නය ප්‍රදා­නය කෙරිණි. සම්මා­න­යට පාත්‍ර වූ අනෙත් කලා­වේ­දීන් දෙදෙනා වූයේ අධි­ක­රණ වෛද්‍ය ඡායා­රූප ශිල්පී නලින් හේමන්ත කුමාර සහ ඒ. එම්. ජය­ති­ල­කයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT