ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හතළිස් පස්වෙනි ඡායාරූප ප්‍රදර්ශනය පසුගිය දින ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්විණි. එහිදී සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම වේදිකා සහ රූපවාහිනී නාට්‍යවේදියකු, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදි ජයන්ත චන්ද්‍රසිරි ලොව ප්‍රමුඛතම ඡායාරූප කලා බළමුළුව වන ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ FLAP ප්‍රමිතීන්ට යටත්ව ඊට අනුබද්ධිත රටවල ඡායාරූප සංගම්වලට පිරිනැමිය හැකි ඉහළම ගෞරව සම්මානය වන ‘ගෞරව සහභාගී විශිෂ්ටතා සම්මානයෙන්’ HON FNPAS) පිදුම් ලැබීය.
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මඟින් වසරකට සම්මාන තුන බැඟින් මෙහිදී පිරිනමනු ලැබේ. ලාංකීය කලා ක්ෂේත්රය තුළ සිනමාව, රූපවාහිනිය හා ජනමාධ්‍යවේදය යන අංශ තුළ පෙන්නුම් කළ ප්‍රතිභා සම්පන්න දායකත්වය අගයමින් ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියාණන්ට මෙම සම්මානය ප්රදානය කෙරිණි. සම්මානයට පාත්‍ර වූ අනෙත් කලාවේදීන් දෙදෙනා වූයේ අධිකරණ වෛද්‍ය ඡායාරූප ශිල්පී නලින් හේමන්ත කුමාර සහ ඒ. එම්. ජයතිලකයි.