Home » දුස්රා 9දා සිට

දුස්රා 9දා සිට

by Gayan Abeykoon
August 2, 2024 1:06 am 0 comment

ජාත්‍ය­න්තර සිනමා සම්මාන උලෙ­ළ­යන් ත්‍රිත්ව­යක් නියෝ­ජ­නය කර­මින්  සම්මා­න­නීය කැමරා අධ්‍යක්ෂ චන්න දේශ­ප්‍රිය තිර රච­නය ලිය­මින් අධ්‍ය­ක්ෂ­ණය  කළ දෙවන සිනමා නිර්මා­ණය Òදූස්රාÓ එළැ­ඹෙන අගෝස්තු 09 වන දින සිට එම්. පී. අයි. සිනමා මණ්ඩ­ලය ප්‍රධා­නව දිව­යින පුරා සිනමා ශාලා­වන්හී ප්‍රද­ර්ශ­නය ඇර­ඹී­මට නිය­මි­තව ඇත. ප්‍රංශ සින­මාවේ ලාංකේය අන­න්‍ය­තාව තහ­වුරු කළ ලක්ෂාන් අබේ­නා­යක ප්‍රධාන චරි­ත­යක් නිරූ­ප­ණය කර­මින් සිංහල සින­මා­වට ප්‍රවිෂ්ට වන්නේ ද  දූස්රා තුළිනි. ඔහු සම­ඟින් තිල­ක්ෂිණි රත්නා­යක, සජිත ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු, වසන්ති රන්වල, ස්ටීව් ඩිලා සිල්වා, නදී­ෂානි පේලි­ආ­රච්චි, ජය­නාත් බෝදා­හන්දි, රුවන් මද­නා­යක, රෝහිත් මාන්නගේ, සමන්ත පර­ණ­ලි­ය­නගේ සහ තරිඳු කාවින්ද ගමගේ ඇතුළු රංගන ශිල්පීන් රැස­කගේ රංගන දාය­ක­ත්වය ලබා ඇති මෙහි කැමරා අධ්‍ය­ක්ෂ­ණ­යෙන් ධම්මික රත්නා­යක, සංස්ක­ර­ණ­යෙන් තිස්ස සුරේන්ද්‍ර, අංග රච­න­යෙන් සම­ර­සිරි කඳ­නගේ, කලා අධ්‍ය­ක්ෂ­ණ­යෙන් ලකී විජේ­ව­ර්ධන, සංගීත අධ්‍ය­ක්ෂ­ණ­යෙන් චින්තක ජය­කොඩි, ගී පද රච­න­යෙන් අශෝක හඳ­ගම, ගීත ගාය­න­යෙන් රෝහිත ජය­ලත් (ජය ශ්‍රී) සම­ඟින් නිපුනි සාරදා, සහාය අධ්‍ය­ක්ෂ­ණ­යෙන් දමින්ද ඩී. මඩ­වල, රේඛීය නිෂ්පා­ද­න­යෙන් ප්‍රසන්න කිත­ල­ගම, නිෂ්පා­දන කළ­ම­නා­ක­ර­ණ­යෙන් ප්‍රවීන් රණ­සිංහ හා සම නිෂ්පා­ද­න­යෙන් හෂානි කිත­ල­ගම එක්වන Òදූස්රාÓ මාක් ටෙසි­යර් සම­ඟින් ලක්ෂාන් අබේ­නා­යක එක්ව නිෂ්පා­ද­නය කර ඇත. මෙය වැඩි­හි­ටි­යන්ට වඩාත් සුදුසු චිත්‍ර­ප­ට­යක් ලෙසින් තිර­ගත වනු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT