Home » 60 වැනි විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම

60 වැනි විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම

by Gayan Abeykoon
August 2, 2024 1:06 am 0 comment

ආර­ක්‍ෂක අමා­ත්‍යාං­ශයේ මාධ්‍ය කේන්ද්‍රය, රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ජන­මාධ්‍ය පර්යේ­ෂණ අංශය හා එක්ව ත්‍රිවිධ හමුදා සාමා­ජි­ක­යින් සඳහා ’60 වැනි විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම’ පසු­ගි­යදා කොළඹ 5 පිහිටි ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේන්තු රඟ­හ­ලේදී පැවැ­ති­විණි.

හමුදා නාය­ක­යින් පිළි­බඳ ඇති ත්‍රිවිධ හමුදා නිල­ධා­රීන්ගේ දැනුම වර්ධ­නය කිරීම සහ ඔවු­නගේ චිත්ත ධෛර්යය වැඩි දියුණු කිරීමේ අර­මු­ණින් ඉන්දීය හමු­දාවේ ෆීල්ඩ් මාර්ෂල් සෑම් මනි­ක්ෂෝගේ චරි­තය පාදක කර­ග­නි­මින් නිර්මා­ණය කරන ලද සම්මා­න­ලාභී හින්දි චිත්‍ර­ප­ට­යක් වන ‘සෑම් බහ­දූර්’ චිත්‍ර­ප­ටය මෙහිදී ප්‍රද­ර්ශ­නය කරන ලදී.

ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ආචාර්ය හර්ෂ බී. අබේ­කෝන් මහතා විසින් මෙහි පිළි­ගැ­නීමේ කතාව පැවැ­ත්වීය. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ධර්ම කීර්ති ශ්‍රී රංජන් මහතා, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චාර්ය සුභා රත්නා­යක මහ­ත්මිය සහ බ්‍රිගේ­ඩි­යර් ශ්‍රී මුද­න්නා­යක (විශ්‍රා­මික) විසින් දේශන පැවැ­ත්වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT