ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර රචනය කොට අධ්යක්ෂණය කරන ලද සිංහබාහු සිනමා සිත්තම EAP ප්රදර්ශන මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල දින 100 පසු කරමින් සාර්ථකව තිරගත වේ. සිංහබාහු නිෂ්පාදනය, ගාමිණී වික්රමසිංහ සහ රේණුකා බාලසූරිය විසිනි. මෙහි අඛිල ධනුද්දර, යශෝධා විමලධර්ම, දුශේනි මියුරංගි, සජිත අනුත්තර, සිනෙති අකිලා, චන්දන වික්රමසිංහ, සහන් මානගේ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. සිංහබාහු කැමරාකරණය විශ්වා බාලසූරිය ගෙනි. වේශ නිරූපණය විදුර අභයදීර ගෙනි. සංගීතය මහාචාර්ය සමන් පනාපිටිය වන අතර සහය අධ්යක්ෂණයෙන් චාමර සේලාර, කලා අධ්යක්ෂණය ජානක ප්රසාද්ගෙනි. දින 100ට සමගාමීව 29 වැනි දින වන් ගෝල්ෆේස් සිනමා සංකීර්ණයේදී සිනමා පටයට සම්බන්ධ නළු නිළියන් ඇතුළු සියලු කලා ශිල්පීන් සහ ප්රේක්ෂකයන් ද සමඟින් එදින සවස දර්ශන වාරයේදී සුහද හමුවක් පැවැත්විණි.