102
සිංහල සිනමාවට එකතු වූ ප්‍රථම කිතුනු කාන්තාව වූ රුක්මණී දේවියගේ 101 වන ජන්ම දිනය නිමිත්තෙන් මියැසියක් පැවැත්වීමට රුක්මණී දේවි අනුස්මරණ සංගමය කටයුතු යොදා ඇත.
ටවර් හෝල් රඟහල පදනම අනුග්‍රහයෙන් රුක්මණී දේවී අනුස්මරණ සංගමයේ නිර්මාතෘ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්ගේ උපදේශකත්වයෙන් අගෝස්තු 18 වැනිදා පෙ.ව 09.30ට කොළඹ විජේරාම මාවතේ පිහිටි සව්සිරිපායේ දී පැවැත්වේ.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් අනුශාසකත්වය පවත්වන අතර සංගීතය එම්. ජී. නිහාල් සිසිරසේන ප්‍රමුඛ වාදන මඬුල්ලෙනි.
ඊ.ජී.ඒ. චිත්‍රාකාන්ති සහ අනුරාජ අතපත්තු විසින් මේ ගී මියැසිය සංවිධානය කරයි.