Wednesday, April 23, 2025
Home » ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය සඳුදා

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය සඳුදා

by chanaka
August 2, 2024 7:56 pm 0 comment

අපවත් වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අගෝස්තු 05 වැනිදා සඳුදා සවස විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත් වෙන බව ආදාහන කාරක සභාව දැනුම් දී තිබේ.

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ අද(02) අපවත් වනවිට උන්වහන්සේ 81 වැනි වියේ පසු වූහ.

කාලයක සිට අසනීප තත්වයෙන් පසුවූ උන්වහන්සේ දෙස් විදෙස්හි ප්‍රකටව ඇත්තේ ‘පොඩි හාමුදුරුවෝ’ ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT