Home » ලෙබනනයේ සංචාරය කරන්න එපා

ලෙබනනයේ සංචාරය කරන්න එපා

by chanaka
August 2, 2024 12:25 pm 0 comment

අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා මිස ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් ඒ බව දැනුම්දී ඇත.

මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ හමාස් සංවිධානයේ දේශපාලන  අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු කලාපය තුල උත්සන්න වන වාතාවරණය සැලකිල්ලට ගනිමින් ය.

එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වේ.

මේ අතර බ්‍රහස්පතින්දා (01) අමාත්‍ය අලි සබ්‍රි මහතා අවධාරණය කළේ ගැටුම්  ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වුවහොත් ඉරානයේ සහ එහි කලාපයේ සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් නැවත ගෙන්වා ගැනීමට රජයට සැලසුමක් ඇති බවයි.

එසේම මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT