Wednesday, April 23, 2025
Home » මධ්‍යම පළාත් 18න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාව උඩුනුවර ඩී.බී. විජේතුංග ජාතික පාසලට

මධ්‍යම පළාත් 18න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාව උඩුනුවර ඩී.බී. විජේතුංග ජාතික පාසලට

by sachintha
August 1, 2024 12:44 am 0 comment

මධ්‍යම පළාත් වයස අවුරුදු 18න් පහළ බාලිකා වොලිබෝල් තරගාවලියේ ශූරතාව උඩුනුවර ඩී.බී. විජේතුංග ජාතික පාසල් කණ්ඩායම දිනා ගනු ලැබීය.

ඒ සමඟම මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ද මෙම පාසලෙන් බිහි වී ඇත.

මහනුවර දිගන කෙංගල්ල විදුහල් ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්විය.

මෙම තරග ජයග්‍රහණය සමඟ මෙම කණ්ඩායම සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලැබූ අතර දක්ෂතම ක්‍රීඩකාව ලෙස පත් වූ දෙව්මි දසනායක විශේෂ ඇගයීමට ද ලක්විය.

එසේම මෙම කණ්ඩායම පසුගියදා නිමාවට පත් වූ මහනුවර දිස්ත්‍රික් ඩී.එස්.අයි. වොලිබෝල් තරගාවලියේ ශූරයන් ලෙස ද පත් වී ඇත.

තරග කණ්ඩායම ලෙස දෙව්මි දසනායක, නිශාදි විපුලරත්න, සිතලි පෙතියාගොඩ, කනීශා ද සිල්වා විශ්වනී රත්නායක, ලාලිත්‍යා මීගස්කොටුව, සෙවුමි දිසානායක, කෝෂිලා නිශාන්ති සහ පුහුණුකරු අසංක පතිරණ වෙති.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT