Wednesday, April 23, 2025
Home » නීති විරෝධී ලෙස ගවයන් 15ක් ප්‍රවාහනය කරමින් සිටි 3ක් දැලේ

නීති විරෝධී ලෙස ගවයන් 15ක් ප්‍රවාහනය කරමින් සිටි 3ක් දැලේ

by sachintha
August 1, 2024 1:33 am 0 comment

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලයට නීති විරෝධී ලෙස ගවයින් 15 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු හා එම වාහනය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් පෙරේදා (30) අත්අඩංගුවටගෙන තිබේ.

ඔවුන්ව අත්අඩංගුවටගෙන ඇත්තේ වවුනියාව – ත්‍රිකුණාමලය මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදීය.

නෙඩුන්කේණී ප්‍රදේශයේ පිරිසක් ප්‍රදේශයේ ගව ගාල්වලින් සොරකම් කොට කැලයකට රැගෙන ගොස් එහි බැඳ තිබූ මෙම ගවයින් 15 දෙනා කහටගස්දිගිලිය පළාතේ ව්‍යාපාරිකයින්ට අලෙවි කොට ඇති බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු හෙළි වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගවයින් හා වාහනය වැඩිදුර පරීක්ෂණ සඳහා වවුනියාව මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබේ.

පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ගවයින් මිලදී ගැනීම් සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් එම ගවයින් ප්‍රවාහනය කළ පිරිස සතුව නොමැති බවයි.

ඒ අනුව මෙම ගවයින් හොරකම් කරන ලද ගවයින් බව තහවුරු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නෙඩුන්කේණී පොලිසිය වෙත තොරතුරු යැවීමට වවුනියාව පොලිසිය පියවරගෙන ඇත.

මේ සැකකරුවන් තුන් දෙනා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලිසිය පියවරගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT