2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන අගෝස්තු 05 වැනිදා අවසන් වන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරණ තැපැල් ඡන්ද සඳහා අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර කොමිසමේ වෙඩ් අඩවිය වන www.election.gov.lk වෙත මේ වන විට ඇතුළත් කර ඇති බව ද එහි දක්වා ඇත.
ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙස කොමිසම මඟින් නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.
විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොගන්නා බව එහි දක්වා ඇති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ ජනතාව නොමඟ යවනසුලු ප්‍රචාරයන් බව ද කොමිසම වැඩිදුරටත් නිවේදනය කර සිටියි.
සුභාෂිණී සේනානායක