Home » පෑන් ඒෂියා බැංකුව ICC සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක

පෑන් ඒෂියා බැංකුව ICC සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක

by sachintha
August 1, 2024 12:29 am 0 comment

සැබැවින්ම ශ්‍රී ලාංකේය බැංකුව වන පෑන් ඒෂියා බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම්කරුවකු, සංවර්ධකයකු මෙන්ම ඉංජිනේරු විසඳුම් සපයන්නෙකු වන ICC පෞද්ගලික සමාගම සමඟ පසුගිය දා සුවිශේෂී අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් තැබූ අතර, මෙම සහයෝගිතාව හරහා ආයතන දෙකෙහි ම ශක්තීන් උපයෝගි කර ගනිමින් ගනුදෙනුකරුවන්ගේ නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීම් ආශ්‍රිත අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම සහ ඒ හරහා දේපළ සංවර්ධන අංශයේ වර්ධනය සහ නවෝත්පාදනයන්ට සහයෝගය ලබා දීම පෑන් ඒෂියා බැංකුවේ අරමුණයි. පෑන් ඒෂියා බැංකුව සිය පාරිභෝගික ජනතාවගේ විවිධ වූ මූල්‍ය අවශ්‍යතා සඳහා ඉලක්ක කරගත් මූල්‍ය විසඳුම් රැසක් හඳුන්වා දී ඇති අතර, ඒ මගින් ලබා දෙන ‘නිවාස ණය’ හරහා ගනුදෙනුකරුවන්ගේ නිශ්චල දේපළ මිල දී ගැනීම් ආශ්‍රිත අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සැලසීම විශේෂිත වේ.

මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි නලීන් එදිරිසිංහ මහතා පැවසුවේ, ‘ICC සමාගම සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාව හරහා මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත අප සතු විශේෂඥ බව සහ ඉදිකිරීම් හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය ආශ්‍රිත ව ICC සමාගම සතු හැකියා ඒකාබද්ධ කරමින් ගනුදෙනුකරුවන්ගේ නිවාස හා ඉදිකිරීම් අවශ්‍යතා සපුරා ගැනීමට ඉතා හොඳ සහයෝගයක් ලබා දීම අපගේ අරමුණයි. ඒ වගේ ම පෑන් ඒෂියා බැංකුවේ නිවාස ණය යටතේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා පහසු සහ කාර්යක්ෂම මූල්‍ය පහසුකම් ලබා දීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා’ යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ ICC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි නාමල් පීරිස් මහතා, ‘ශ්‍රී ලාංකිකත්වය පිළිබිඹු කරන ආයතනයක් වන පෑන් ඒෂියා බැංකුව සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා. මෙම සහයෝගිතාව හරහා පුළුල් පරාසයක විහිදුණු ව්‍යාපෘති සමඟ කටයුතු කරමින්, සුවිශේෂී සමාජ මෙහෙවරක් ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා’ යනුවෙන් සිය අදහස් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT