Home » AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය ඔස්සේ වටිනා ජීවිත 6ක් බේරා ගැනේ

AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය ඔස්සේ වටිනා ජීවිත 6ක් බේරා ගැනේ

by sachintha
August 1, 2024 1:28 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 29 වන වරටත් සිය පොසොන් රැකවරණ වැඩසටහන කිසිදු ජීවිත හානියකින් තොරව සාර්ථකව නිම කළ බවත් ඒ ඔස්සේ වටිනා ජීවිත 6ක් බේරා ගත් බවත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කර සිටියි. මෙම පරිපූර්ණ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය පොසොන් උත්සව සමයේදී පූජා නගර කරා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ රැකවරණය වෙනුවෙන් මෙරට වැඩිම කාලයක් පුරාවට අඛණ්ඩව පවත්වාගෙන යන සමාජ සත්කාරක වැඩසටහනකි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අඛණ්ඩව 29 වන වරටත් අනුරාධපුර, පොලොන්නරුව, මිහින්තලේ, දඹුල්ල යන සියලුම පූජා නගරයන් අවට ඇති වැව් සහ ජලාශ 39ක් ආවරණය වන පරිදි ජීවිතාරක්ෂකයින් 500කට අධික සංඛ්‍යාවක් යොදවමින් මෙම ව්‍යාපෘතිය මෙවරත් ක්‍රියාත්මක කරන ලදි. මෙම ජීවිතාරක්ෂකයින්ගේ රැකවරණය යටතේ පූජා නගර වෙත එන බැතිමතුන්හට සුරක්ෂිතව සිය වන්දනා කටයුතු සිත්සේ කරගැනීමට අවස්ථාව උදා වී තිබුණි. මෙම පරිපූර්ණ රැකවරණ ව්‍යාපෘතිය පිළිබඳව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රවර්ධන වැඩසටහන් මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාවට සවිකර තිබූ රැකවරණ පුවරු සහ බැනර් ඔස්සේ බැතිමතුන්ව දැනුම්වත් කරන ලදි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි සහයෝගයෙන් සිදු කෙරෙන අතර මේ ඔස්සේ පසුගිය වසර ගණනාව පුරාවට බේරාගත් ජීවිත සංඛ්‍යාව 260කට අධික වේ. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොනවත්වා ශ්‍රී ලාංකික ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සිදු කරන්නා වූ කැපකිරීම මෙම රැකවරණ ව්‍යාපෘතිය ඔස්සේ මනාව පිළිබිඹු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT