Wednesday, April 23, 2025
Home » Kitchen & Bedroom නව වෙළෙඳ ලාංඡනයක් සමඟින් අභ්‍යන්තර ගෘහ සැලසුම්කරණයට

Kitchen & Bedroom නව වෙළෙඳ ලාංඡනයක් සමඟින් අභ්‍යන්තර ගෘහ සැලසුම්කරණයට

by sachintha
August 1, 2024 1:28 am 0 comment

දශක ගණනාවක් පුරා අභ්‍යන්තර ගෘහ සැලසුම්කරණය, නිර්මාණ පිළිබඳ කීර්තියක් උසුලන Kitchen & Bedroom සමාගම, අවමකරණ (minimalism) සංකල්පය, ප්‍රයෝජ්‍යතාව (functionality) සහ නවමු සුඛෝපභෝගීත්වය යන සිය ගුණාංග සියල්ල කැටිකරගත් නව වෙළෙඳ ලාංඡනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී. සෙසු විලාසිතා මෙන්ම අභ්‍යන්තර සැලසුම්කරණ ක්ෂේත්‍රය තුළ ද අලංකරණය සහ ප්‍රයෝජ්‍යතාවට වැඩි අවධානයක් යොමුවේ. එමෙන්ම ඉන් ඔබ්බට ගොස් ඒ ඒ පුද්ගලයින්ගේ සිතුම් පැතුම්, හැඟීම්, මානසික සුවතාව ආදියට ද ආමන්ත්‍රණය කරන අතර, සාර්ථක අභ්‍යන්තර සැලසුම්කරණ නිර්මාණයක් හරහා ප්‍රයෝජ්‍යතාවට අමතරව සුවපහසුව සහ සෞන්දර්යාත්මක ජීවන අවකාශයක් ගොඩනැඟීමට අවස්ථාව උදාවේ. Kitchen & Bedroom හි සැලසුම් ශිල්පීන් සහ නිර්මාණ ශිල්පීන් සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස කලාත්මකබව සහ විද්‍යාව මුසුකරගත් නිර්මාණ සැපයීමට සමත් අතර පාරිභෝගිකයින්ගෙන් සියයට 90ක්ම යළි යළිත් සේවා සඳහා Kitchen & Bedroom වෙතම පැමිණීම තුළින් ඔවුන් ලබාගන්නා සේවාවේ විශිෂ්ටත්වය මැනවින් පිළිබිඹු වේ.

″ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගෘහ නිර්මාණකරණයේ සහ අවකාශ සැලසුම්කරණයේ ප්‍රමුඛයෙකු ලෙස නවීන අදහස් පාරිභෝගිකයින් වෙත සමීප කිරීමට අප සතු කැපවීම මෙම නව වෙළෙඳ ලාංඡනය හඳුන්වාදීමේ අරමුණයි. නිර්මාණකරණයේදී කුඩා අංග දෙස පවා ඉහළ අවධානයක් යොමුකිරීම, අප සමාගම සතු සුවිශේෂ ගුණාංගයක් ලෙස පෙන්වා දිය හැකියි. එය අපට සෙසු ගෘහ සැලසුම්කරණ සමාගම්වලට වඩා ප්‍රමුඛත්වයක් හිමිකරදෙනවා. ඉදිරියටත් නව අදහස් සහ නිර්මාණ සමඟින් ඉහළ පාරිභෝගික සේවාවක් ලබා දීමට අපි කැපවී සිටිනවා″ යනුවෙන් Kitchen & Bedroom සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මොහොමඩ් රුෂ්මි සක්වාෆ් මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT