Wednesday, April 23, 2025
Home » Olu Tropical Water දස වසර සමරයි

Olu Tropical Water දස වසර සමරයි

by sachintha
August 1, 2024 1:27 am 0 comment

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන පළමු සහ එකම බෝතල් කළ ජල සන්නාමය වන ඕලු ට්‍රොපිකල් වෝටර් (Olu Tropical Water) සිය දසවන සංවත්සරය ජූලි 24 වැනිදා කොළඹදී පැවති විශේෂ උත්සවයකදී අභිමානවත් ලෙස සමරනු ලැබීය. පාරිභෝගික සුවතාවය/යහපැවැත්ම, පරිසරය පිළිබඳ දැනුවත්භාවය සහ නිෂ්පාදන ගුණාත්මකභාවය උදෙසා වූ දසවසරක විශිෂ්ටත්වය සැමරීමට ඔවුන් සිය කොටස් හිමියන් සහ පාර්ශ්වකරුවන්ට ද ආරාධනා කළේය. 2014 වසරේදී දේශීයව නිෂ්පාදනය කරන ලද උසස් තත්ත්වයේ බෝතල් කළ ජල සන්නාමයක් ලෙස හඳුන්වා දුන් Olu Water, සුපිරිසිදු හා තිරසර බව තුළින් ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය ග්‍රහණය කර ගැනීමේ අරමුණින් නිර්මාණය විය. සීතල මධ්‍යම කඳුකරයේ අද්විතීය වැසි වනාන්තරවල පවතින ස්වාභාවික ජල මූලාශ්‍රවලින් ලබා ගත් ජලයෙන් සමන්විත මෙම සෑම Olu වතුර බෝතලයක්ම ශ්‍රී ලංකාවේ සාරය සහ වටිනාකම් පිළිබිඹු කරන ඊටම ආවේණික සුවිශේෂී රසයක් සහ ගුණාත්මක බවකින් යුක්ත වේ.

“සුවිශේෂී අවස්ථාවක් සමරන මේ මොහොතේදී මෙතෙක් අප හා පැමිණි ගමනට අත්වැලක් වූ සැමට මගේ හෘදයාංගම කෘතඥතාවය පළ කිරීමට කැමතියි. සමාගමේ අරමුණ වන තිරසරභාවය හා ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සඳහා ඔබ ලබා දෙන සහයෝගය හා පිටුබලය අපගේ සාර්ථකත්වයේ ශක්තිමත් පදනම බවට පත්ව තිබෙනවා. අපි එක්ව නිර්මාණය කරනු ලැබුවේ සන්නාමයක් පමණක්ම නොවේ, ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය සහ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මෙන්ම ඒවාට නිසි වටිනාකමක් ලබා දෙන ජනතාවක් ද නිර්මාණය කිරීමට අපට හැකි වුණා” යනුවෙන් Liquid Island සාමාන්‍යාධිකාරී ශලින්ද්‍රි මලවාන මහත්මිය පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT