Wednesday, April 23, 2025
Home » ඩයලොග් Suraksha ඔබේ දරුවාගේ ලෝකය වඩාත් සුරක්‍ෂිත කරන ආරක්‍ෂිත අන්තර්ජාල සේවාව

ඩයලොග් Suraksha ඔබේ දරුවාගේ ලෝකය වඩාත් සුරක්‍ෂිත කරන ආරක්‍ෂිත අන්තර්ජාල සේවාව

by sachintha
August 1, 2024 1:27 am 0 comment

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, හඳුන්වාදෙන ‘Dialog Suraksha’ ඔබේ දරුවා ගෙදර සිටියත්, පිටත සිටියත් දරුවාගේ ලෝකය වඩාත් සුරක්‍ෂිත කරන ආරක්‍ෂිත අන්තර්ජාල සේවාවයි. මෙම සේවාව හරහා ආරක්ෂණ විශේෂාංග මාලාවක් දියත් කර ඇති බැවින් දරුවන් අන්තර්ජාලය භාවිත කිරීමේදී, මෙම ආරක්ෂණ විශේෂාංග හරහා ඔවුන්ට අමතර ආරක්ෂාවක් සලසා දිය හැකිය. තවද මෙම සේවාව, දරුවන්ට ආරක්ෂාකාරී ඩිජිටල් පුරුදු හුරු කරවීම සඳහා අඩිතාලමක් ද වේ.

‘Dialog Suraksha’ මඟින් මවුපියන් සහ භාරකරුවන් විසින් සම්පූර්ණයෙන් අන්තර්ජාල සේවා අවහිර කිරීම, දරුවන්ට නුසුදුසු වෙබ් අඩවි වෙත ප්‍රවේශය අවහිර කිරීම, තෝරා ගත් වෙබ් අඩවි වෙත පමණක් ප්‍රවේශය තහවුරු කිරීම ආදී අන්තර්ජාල භාවිතය පාලනය කිරීමේ හැකියාව ලබා දෙන අතර, කලින් තීරණය කළ වේලාවන්වලදී පමණක් අන්තර්ජාල ප්‍රවේශය ආදිය ද මෙම සේවාවේ දක්නට ලැබෙන විශේෂත්වයකි. මෙම සේවාව හරහා ඔබේ දරුවා සිටින ස්ථානය ට්‍රැක් කිරීමේ හැකියාව ඇතුළත් කර තිබීම ද සුවිශේෂ වේ.

ඔබේ දරුවාට ජංගම දුරකතන සම්බන්ධතාවක් ලබා දීමට කල්පනා කරන්නේ නම් මවුපිය භාරකරුවන් යටතේ පාලනය කළ හැකි, දරුවා කොතැන සිටියත් අන්තර්ජාලයෙන් ආරක්ෂාව සලසන, Dialog Suraksha සේවාව සමඟින් Dialog සම්බන්ධතාවක් දැන් ඔබට විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකියි. ඔබත් අදම ‘Dialog Suraksha’ සමඟ සම්බන්ධ වී ඔබේ දරුවාගේ ලෝකය වඩාත් සුරක්ෂිත කරගන්න. සියලුම ඩයලොග් මොබයිල් සහ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයින් සඳහා නොමිලේම ඇක්ටිවේට් කර ගැනීමේ හැකියාව පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT