Home » පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්නට පෙරමුණේ

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්නට පෙරමුණේ

by chanaka
July 31, 2024 3:07 pm 0 comment

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92කු මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඒකරාශි වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

2024 වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පසුගිය 29 වන දින ප්‍රකාශ කිරීමත් සමගම ශ්‍රී ලංකා පුදුම ජන පෙරමුණට සම්බන්ධ වර්ථමාන රජයට සහයෝගය දක්වන බහුතර මන්ත්‍රීවරු එම යෝජනාවට විරුද්ධ වූ අතර, ඊට විරුද්ධ වූ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු ඊයේ රාත්‍රී (30) කොළඹදී හමුවී වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වන බවට තීන්දු කල බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන වැනි ජ්‍යෙෂ්ඨයන් මෙන්ම, කාංචන විජේසේකර, කනක හේරත්, ශෙහාන් සේමසිංහ, තාරක බාලසූරිය, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම යන තරුණ මැති ඇමතිවරු සහභාගි වූ බව වැඩිදුරටත් පැවසීය,

පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර ස්වාධීන වූ මන්තීවරු මන්ම විපක්ෂ කන්ඩායම්ද මේ වන විට තම කන්ඩායම සමග එක් වී ඇතැයි ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරය වැඩිදුරටත් පැවසීයි.
එමෙන්ම 2022 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කරන විටදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ දේශපාලන සිටියේ කොහේදයැයි ඔහු වැඩිදුරටත් විමසා සිටියේය. පොදුජන පෙරමුණේ මෙම තීන්දුව හිටපු ජනාධිපති පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාද හෘද සාක්ෂියට එකඟව අනුමත නොකරන බව අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT