Saturday, April 19, 2025
Home » හමාස් ප්‍රධානියාගේ ඝාතනය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

හමාස් ප්‍රධානියාගේ ඝාතනය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

by chanaka
July 31, 2024 5:30 pm 0 comment

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉෂ්මයිල් හනියා ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බව හා එය තරයේ හෙළාදකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා හිටපු මහජන නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

හමාස් නායක ඉස්මයිල් හනියේ ව අද (31) උදෑසන ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී එල්ලකළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ පාන්දර 2ට පමණ ඔහු නවාතැන් ගෙන සිටි නිවස ට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි.

එම ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක් ද මරුමුවට පත්වුණි.

ඉරාන නව ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන් ගේ පදවි ප්‍රාප්තියට ඊයේ (30) හනියේ එක්වී සිටි අතර අනතුරුව ඔහු ඉරාන ජනපතිවරයාව සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනි ව හමුවී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT