මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමි වන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. තවුපික් මහතා පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමඟි ජන බලවේගය සමඟ කටයුතු කරනවා. අපේ පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළැඹ නැතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් මට තියනවා.
පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ දැනටමත් එක්ව කටයුතු කරන නිසා උත්තරීතර මණ්ඩලයේ සහාය ද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බවට විශ්වාසයි.”
ත්‍රිකුණාමලය විශේෂ – ඒ. ටී. එම්. ගුණානන්ද