Monday, April 21, 2025
Home » ‘එක්ස්ප්‍රස් පර්ල්‘ සිදුවීමට අදාළ සියලු පරීක්ෂණ වාර්තා කැඳවයි

‘එක්ස්ප්‍රස් පර්ල්‘ සිදුවීමට අදාළ සියලු පරීක්ෂණ වාර්තා කැඳවයි

by chanaka
July 30, 2024 4:26 pm 0 comment

කොළඹ වරාය ආශ්‍රිත මුහුදු තිරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශවීමේ සිද්ධිය හේතුවෙන් සමුද්‍රයට සිදුවූ හානිය මෙන්ම වෙරළ තීරයට හා පරිසර පද්ධතියට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර තිබෙන සියලුම පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT