Monday, April 21, 2025
Home » බදුල්ල සිට කොළඹට ගිය රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

බදුල්ල සිට කොළඹට ගිය රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

by yasara
July 29, 2024 11:15 am 0 comment

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ ගැටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

රාත්‍රි තැපැල් දුම්රිය (29) දින අලුයම 12.30ට පමණ හැටන් දුම්රිය ස්ථානයේ නතර කරන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ පැමිණි පුද්ගලයෙකු දුම්රියේ එන්ජිමට පැන්න බව දුම්රිය රියදුරා විසින් හැටන් දුම්රිය ස්ථානය වෙත දැනුම් දි සිරුර හැටන් දුම්රිය ස්ථානය වෙත භාර දි ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය හැටන් හදිසි මරණ පරික්ෂණක එම්.එම්.කජා මියන් මහතා විසින් පැවැත්වු අතර , සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට හදිසි මරණ පරික්ෂකවරයා විසින් හැටන් පොලිසියට නියෝග කෙරිණ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT