අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩපිළිවෙළෙහි පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ අඟුණකොළපැලැස්ස උතුරු කණුමුල්දෙණිය ලුම්බිනි ප්‍රාථමික විද්‍යාලයට හිමි වූ සුහුරු පන්ති කාමරය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා (26) විවෘත කරනු ලැබීය.
පාසල්වල සුහුරු පන්ති කාමර පිහිටුවීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රජය මඟින් ආරම්භ කර තිබේ. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසුවේ අධ්‍යාපන නවීකරණය අත්‍යවශ්‍ය අංගයක් බවයි.’ පසුගිය කොවිඩ් වසංගත කාලයේ දුෂ්කර ප්‍රදේශවල දරුවන් ගස්ගල්වලට නැඟලා ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගන්නා උත්සාහ කළ හැටි අප දන්නවා. සමහර දරුවන්ට ඒ සඳහා පහසුකම් තිබුණේ නැහැ. එම අවස්ථාවේ මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන් 300කට වඩා මගේ පෞද්ගලික වියදමින් ලැප්ටොප්, ටැබ් හා ස්මාට් ෆෝන් මට හැකි පරිදි ලබා දුන්නා.
අපේ මීළඟ ඉලක්කය වන්නේ සෑම පාසලකටම සුහුරු පන්ති කාමර ලබා දීමයි. ඒ සඳහා වැඩපිළිවෙළක් ජනාධිපතිතුමා විසින් ආරම්භ කර තිබෙනවා. අද මෙම කණුමුල්දෙණිය ලුම්බිනි විද්‍යාලයේ වගේම තවත් විද්‍යාල ගණනාවකට මෙම පන්ති කාමර ලබා දීමට පියවර ගන්නවා ‘යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බුද්ධිකා ඉඹුලාන