Home » සමන් කණ්ඩම්බිගේ දේහයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ – අවසන් ගෞරව දක්වයි

සමන් කණ්ඩම්බිගේ දේහයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ – අවසන් ගෞරව දක්වයි

by sachintha
July 29, 2024 1:25 am 0 comment

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල ව්‍යාපාරිකයකු මෙන්ම සමාජ සේවකයකු වූ අභාවප්‍රාප්ත නොච්චියාගම පදිංචි සමන් කණ්ඩම්බි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පසුගියදා (26) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොච්චියාගම පිහිටි සමන් කණ්ඩමිබි මහතාගේ නිවෙසට පැමිණියේය.

මේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද සහභාගි වූහ. සමන් කණ්ඩමිබි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (27) නොච්චියාගම මහවැලි ක්‍රීඩාංගණයේදී විශාල ජනතාවකගේ සභාගිත්වයෙන් සිදු කළේය.

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT