Wednesday, April 23, 2025
Home » කෝටියකට වැඩි වටිනා දුම්වැටි මෙරටට ගෙනා විදේශීය කතක් ඇතුළු 4ක් දැලේ

කෝටියකට වැඩි වටිනා දුම්වැටි මෙරටට ගෙනා විදේශීය කතක් ඇතුළු 4ක් දැලේ

by sachintha
July 29, 2024 1:15 am 0 comment

රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂ හත්සිය හැට පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 461ක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ විදේශීය කාන්තාවක ඇතුළු ගුවන් මගීන් සිව් දෙනකු පෙරේදා (27) කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් පෙරේදා (27) අලුයම 12.00ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්. 179 දරන ගුවන් යානයෙන් 37 හැවිරිදි චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඇය කොළඹ නගරයේ සමාජ ශාලාවක සේවයෙහි නිරත කාන්තාවකි.

ඇය සිය ගමන් මලු තුළ සඟවා ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 29,200ක් අඩංගු දුම්වැටි කාටූන් 146ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේම පානදුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු සහ මතුගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රියැදුරුවරයකු පෙරේදා (27) අලුයම 04.50ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක

ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔවුන් දෙදෙනා විසින් නීතිවිරෝධී ලෙස දුම්වැටි 39,000ක් අඩංගු දුම්වැටි කාටූන් 195ක් සිය ගමන් මලු තුළ සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව පෙරේදා (27) රාත්‍රී 06.50ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි පානදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු සිය ගමන් මලු තුළ සඟවා ගෙන තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 24,000ක් අඩංගු දුම්වැටි කාටූන් 120ක් තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණ සිදු කර මොවුන් විසින් මෙරටට රැගෙන ඒමට තැත් කළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සියල්ල රාජසන්තක කර මොවුන්ට රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT