Wednesday, April 23, 2025
Home » වතුර බොන්න එන වන සතුන් මරා මස් විකුණන අයියා මලෝ දෙන්නෙක් මාට්ටු

වතුර බොන්න එන වන සතුන් මරා මස් විකුණන අයියා මලෝ දෙන්නෙක් මාට්ටු

by sachintha
July 29, 2024 1:15 am 0 comment

කණ්ඩලම ජලාශයේ ජලය බීම සඳහා පැමිණෙන ගෝනුන් වන සතුන් මරා මස් පිණිස අලෙවි කරන අයියා මලෝ දෙදෙනකු ගෝන මස් කිලෝ හතළිහක් සමඟ කණ්ඩලම වැව් රක්ෂිතයේ දී සැකපිට ඊයේ (28) දහවල් අත්අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති. කාලයක් තිස්සේ කණ්ඩලම ප්‍රදේශයේ රක්ෂිතවල සිටින වැනි සතුන් කණ්ඩලම ජලාශයෙන් ජලය බීම සඳහා පැමිණෙන විට වෙඩි තබා ඝාතනය කොට ඒවා මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරගෙන යන බවට ලද තොරතුරක් මත සීගිරිය වනජීවී නිලධාරීහු කණ්ඩායමක් කණ්ඩලම වැව් ඉස්මත්තේ රැකවල්ලා සිට මෙම ජාවාරම හෙළිකර ගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේ සිට මස් තොගයක් සමඟින් පැන ගිය බවත් වන සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා ලද ගිනි අවිද සොයා ගැනීමට නොහැකි වූ බව වනජීවී නිලධාරීහු පවසති.

කෙසේ වෙතත් මේවන විට විශේෂ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් කණ්ඩලම ප්‍රදේශයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කොට කණ්ඩලම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කොට ඇතැයි සීගිරිය වනජීවී නිලධාරීහු පවසති. වතුර බීම සඳහා පැමිණෙන ගෝනකු වෙඩි තබා ඝාතනය කොට ඒවා කිලෝ දෙක බැගින් ඇසුරුම්කොට විවිධ ස්ථානවල ඇණවුම් සඳහා රැගෙන යෑමට සූදානම් කර තිබියදී මෙම මස් තොගය සමඟ කණ්ඩලම ප්‍රදේශයේම පදිංචි අයියා මාලෝ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ. සැකකරුවන් දෙදෙනා සහ මස් තොගය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වනජීවී නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

 

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT