Monday, April 21, 2025
Home » චීන – දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනය කුන්මින්හිදී ඇරඹෙයි

චීන – දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනය කුන්මින්හිදී ඇරඹෙයි

by chanaka
July 29, 2024 11:35 am 0 comment

8 වැනි චීන – දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනය චීනයේ කුන්මින් නගරයේ Dian-chi ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පසුගියදා ආරම්භ විය.

චීන වානිජ අමාත්‍යාංශය සහ යුන්නාන් පළාත් රජය විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ ඇතුළු පිරිසක් සහභාගී විය.

ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දුන් මෙම ප්‍රදර්ශනය චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉවහල්වූ බවයි.

එසේම චීන-ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වයට මෙන්ම ආගත්තුක සත්කාරය වෙනුවෙන් කථානායක අබේවර්ධන මහතා චීනයේ වාණිජ අමාත්‍යාංශයට සහ යුනාන් පළාත් රජයට සිය කෘතවේදීත්වය පළ කළේය.

චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වෙළඳ හා ආර්ථික සංවර්ධනය මෙන්ම සංචාරක හා සංස්කෘතික සන්නිවේදනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි.

ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමින් යුන්නාන් පළාතේ පක්ෂ ලේකම් වැන්ග් නින්ග් (Wang Ning) මහතා ප්‍රකාශ කළේ චීනය මෙන්ම දකුණු ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල් හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් වන අතර ආර්ථික ගෝලීයකරණය සහ සියලු රටවල පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ බවයි.

මෙම වසරේ, ප්‍රදර්ශන කුටි 800 කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව දකුණු ආසියානු ප්‍රදර්ශන ශාලා සංඛ්‍යාව 2 දක්වා වැඩි කර ඇති බවද ඔහු පැවසීය.

යුන්නාන් පළාත් ආණ්ඩුකාර වන්ග් යූබෝ (Wang Yubo) මහතා සමාරම්භක උත්සවයේ අමුත්තන් පිළි ගැනීමේ දේශනය කරමින් පැවසුවේ චීනය සහ දකුණු ආසියාතික රටවල් යනු දුක සහ සැප බෙදා ගන්නා හවුල් අනාගතයක් ඇති ප්‍රජාවක් බවයි.

රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 82 කින් සමාගම් 2,000 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වෙයි.

එයින් අඩකට ආසන්න ප්‍රමාණයක් විදේශීය ව්‍යවසායන් වන අතර දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ සියලුම රටවල් එයින් ආවරණය වේ.

ප්‍රදර්ශන ශාලා 15 කින් සමන්විත මෙම ප්‍රදර්ශනය චීනය සහ දකුණු ආසියානු රටවල් අතර ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව සඳහා සැලකිය යුතු විභවයක් ඇති කර්මාන්තවල ජයග්‍රහණ ප්‍රදර්ශනය කරනු ඇත.

හරිත බලශක්තිය, නවීන කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා සහ සංස්කෘතික සංචාරක ක්ෂේත්‍ර ඊට ඇතුළත් වේ.

පසුගිය වසරේ චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර වෙළෙඳ වටිනාකම ඩොලර් බිලියන 200කට ආසන්න වූ අතර එය 2013 වසරට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව චීන වාණිජ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT