Wednesday, April 23, 2025
Home » ට්‍රක් රථ­යක් මෝටර් රථ­යක ගැටී මත්තක දී එකම පවුලේ පිය-පුතු මරුට

ට්‍රක් රථ­යක් මෝටර් රථ­යක ගැටී මත්තක දී එකම පවුලේ පිය-පුතු මරුට

by damith
July 27, 2024 1:02 am 0 comment

හිනි­දුම රවීන්ද්‍ර ලිය­නගේ ගාල්ල දිස්ත්‍රික් සංචා­රක ඇල්පි­ටිය විශේෂ, ඇල්පි­ටිය සමූහ චන්ද්‍ර­සිරි ගුණ­සේ­කර

පිටි­ගල – මාප­ල­ගම මාර්ගයේ මත්තක ප්‍රදේ­ශයේ දී ට්‍රක් රථ­යක් සහ මෝටර් රථ­යක් මුහු­ණට මුහු­ණලා ගැටී­මෙන් වූ අන­තු­රෙන් එකම පවුලේ පිය පුතු දෙදෙ­නෙක් මිය­ගොස් ඇත.

අන­තු­රෙන් කාන්තා­වන් දෙදෙ­නකු තුවාල ලබා ඇල්පි­ටිය මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව පොලි­සිය පව­සයි.

මේ අන­තු­රෙන් මෝටර් රථය පැදවූ රියැ­දුරු මිය­ගොස් ඇත. මෝටර් රථයේ ගමන් කර ඇත්තේ එකම පවු­ලක අය වෙති. අන­තු­රෙන් මිය­ගොස් ඇත්තේ චින්තක රුවන් බණ්ඩා­රි­ගොඩ නමැති වයස 44 හැවි­රිදි දෙදරු පියෙක් හා ඔහුගේ පියා වන ජී.කේ. පුෂ්ප­කු­මාර බණ්ඩා­රි­ගොඩ නමැති වයස අවු­රුදු 73ක අයෙකි.

මේ අන­තු­රෙන් චින්ත­කගේ බිරිය ශිරෝමි දීප­ශිකා 39 හා මිය­ගිය පුෂ්ප­කු­මා­රගේ සොයු­රිය වන විජිතා උප්පලා (64) තුවාල ලබා රෝහ­ල්ග­තව ප්‍රති­කාර ලබන බව පොලි­සිය කියයි.

මේ අන­තු­රට මැදි­වී­මෙන් යතු­රු­පැ­දි­ය­කින් මාර්ගයේ ගමන් ගත් රජයේ පාස­ලක විදු­හ­ල්ප­ති­ව­ර­යකු ද සුළු තුවාල ලබා රෝහ­ල්ගත කර තිබේ. අන­තුර සම්බ­න්ධ­යෙන් ට්‍රක් රථය සහ රියැ­දුරු පිටි­ගල පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT