Wednesday, April 23, 2025
Home » වේදනා නාශක වැඩි මිලට විකිණූ සැක­කා­රි­යන් දෙදෙ­න­කුට දඩ

වේදනා නාශක වැඩි මිලට විකිණූ සැක­කා­රි­යන් දෙදෙ­න­කුට දඩ

පත්තර මුල් පිටු­වල පැහැ­දිලි දැන්වීම් දමා ජන­තා­ව­ගෙන් සමාව අය­දි­න්නත් නියෝග

by damith
July 27, 2024 1:02 am 0 comment

මහර සමූහ - ගණිදු රෝචන සම­ර­තුංග

මාකොළ පුද්ග­ලික රෝහ­ලක කළ­ම­නා­කා­ර­ව­රි­යක සහ මුදල් අය­කැ­මි­ව­රි­යක් ලෙස සේවය කර­මින් වෛද්‍ය නිර්දේ­ශ­යක් නොමැ­තිව වේදනා නාශක ඖෂ­ධය විකිණූ කාන්තා­වන් දෙදෙ­න­කුට මහර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේදී ඊයේ ලක්ෂ හයක දඩ නියම කෙරුණි.

අදාළ වේදනා නාශ­කයේ කරල් 50ක් විකි­ණීම, විකු­ණන ලද ඖෂධ සඳහා බිල්ප­තක් නිකුත් නොකි­රීම සහ කරල් 50ක් විකි­ණී­මට හැකි උප­රිම මිල වන රුපි­යල් දෙද­හස් දෙසිය හැත්තෑව ඉක්මවා යමින් එම ඖෂ­ධය රුපි­යල් පන්ද­හස් පන්සි­යය­කට විකි­ණීම සම්බ­න්ධව කාන්තා­වන් දෙදෙනා වරද පිළි­ගත් අතර එක් කාන්තා­ව­කට රුපි­යල් ලක්ෂ තුන බැගින් මෙසේ රුපි­යල් ලක්ෂ හයක දඩ මහර අති­රේක මහේ­ස්ත්‍රාත් ජනිතා පෙරේරා මහ­ත්මිය නියම කළාය.

මීට අම­ත­රව සැක­කාර කාන්තා­වන් දෙදෙනා නැවත මෙම වරද සිදු නොක­රන බවට සඳ­හන් කර­මින් මහ­ජ­න­තා­ව­ගෙන් සමාව අය­දින හර­වත් දැන්වී­මක් ශ්‍රී ලංකාවේ සංස­ර­ණය වන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුව­ත්ප­ත්වල මුල් පිටුවේ දිග අඟල් 10 සහ පළල අඟල් 10 ප්‍රමා­ණ­යට ප්‍රකා­ශ­යට පත් කිරී­මට නියම කළාය. මෙම සිද්ධීන් සම්බ­න්ධ­යෙන් එම්. ශිරානි මල්කාන්ති පෙරේරා, අනු­ෂිනී ශ්‍යාමා දෙන­ගම යන කාන්තා­වන්ට එසේ දඬු­වම් නියම කෙරුණි.

සැක­කා­රි­යන් දෙදෙනා එක් අය­කුට රුපි­යල් ලක්ෂය බැගින් වෙන වෙනම ශරීර ඇප මත මුදා හැරී­මට නියම කෙරුණි. එක් එක් සැක­කා­රි­ය­කට දඩ මුද­ලින් රුපි­යල් එක් ලක්ෂ පනස් දහස බැගින් රුපි­යල් ලක්ෂ තුනක දඩ මුදල් ඊයේම ගෙවී­මට නියම කළාය. ඉතිරි හිඟ දඩ මුදල ලෙස එක් එක් සැක­කා­රි­යට රුපි­යල් එක් ලක්ෂ පනස් දහස බැගින් සැප්තැ­ම්බර් මස 24 වැනි දින ගෙවී­මට නියම කළාය.

එදි­නට මෙම සිද්ධි­යට අදාළ නඩු භාණ්ඩ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට ගම්පහ ප්‍රාදේ­ශීය සෞඛ්‍ය සේවා අධ්‍ය­ක්ෂ­ව­ර­යාට නියම කළාය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් රාජ්‍ය බුද්ධි අංශ­යට ලැබුණ තොර­තු­රක් මත පාණ­දුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ නිල­ධා­රින් ඇතුළු ගම්පහ ප්‍රාදේ­ශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යා­ලයේ නිල­ධා­රීන් සමඟ එක්ව මෙම වැට­ලීම සිදු කර මෙම සිද්ධි­යට සම්බන්ධ සැක­කා­රි­යන් දෙදෙනා සහ අදාළ ඖෂධ අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කර තිබිණි.

ගම්පහ ප්‍රාදේ­ශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය ඉන්දා මල්වැන්න මහ­ත්මි­යගේ උප­දෙස් මත එහි ආහාර හා ඖෂධ පරී­ක්ෂක ඩී.ආර්. වික්‍ර­ම­සේ­කර බණ්ඩාර මහතා පැමි­ණිල්ල අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT