Wednesday, April 23, 2025
Home » අනුර කුමාර පිටරට ගොස් මුදල් එකතු කරමින් සුපිරි ජීවිතයක් ගෙවනවා

අනුර කුමාර පිටරට ගොස් මුදල් එකතු කරමින් සුපිරි ජීවිතයක් ගෙවනවා

by mahesh
July 26, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

අනුර කුමාර දිසානායක මහතා විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කරමින් සුපිරි ජීවිතයක් ගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඊයේ (25) පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව කීවේය.

අනුර කුමාර දිසානායක මහතා එසේ කළත් සජිත් ප්‍රේමදාස මහතා දානපතියන්ගෙන් මුදල් එකතු කර ගනිමින් රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට විශාල සේවාවක් සිදු කරන බව ද ඒ මහතා කීවේය.

අනුර කුමාර දිසානායක මහතා විදෙස් රටවලට ගොස් මුදල් එකතු කරන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා ගම්වලට ගොස් ජනතාවගේ හදවත් එකතු කර ගන්නා බවත් පැවසුවේය.

‘සරත් ෆොන්සේකා මහත්තයා ප්‍රකාශ කරලා තිබෙනවා ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා. සරත් ෆොන්සේකා මහත්තයා 2010දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. නමුත් පරාජයට පත්වුණා. ඉන්පසුව ඔහු තනියම 2015 මහ මැතිවරණයට ඡන්දය ඉල්ලුවා. නමුත් පාර්ලිමේන්තු එන්න බැරි වුණා. පස්සේ ලිස්ට් එකෙන් තමයි ඔහු පාර්ලිමේන්තුවට ආවේ. 2020 මහ මැතිවරණයෙන් ඔහු සමගි ජන බලවේගයෙන් තරග කරලා පාර්ලිමේන්තුවට පැමිණියා. ඔහු දැන් නැවත තනියම ජනාධිපතිවරණයට තරග කරන්න කටයුතු කරනවා. සරත් ෆොන්සේකා මහත්තයා එක් වතාවක් ඉගෙන නොගත්ත පාඩම දෙවැනි පාරත් ඉගෙන ගන්න සූදානම් නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණාට ප්‍රශ්නයක් නෑ. ඒ වගේම විජයදාස රාජපක්ෂත් ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ පණිවිඩයෙන් සුබ වෙන්නේ සමගි ජන බලවේගයට. විජයදාස රාජපක්ෂගේ තීරණය සමගි ජන බලවේගයට සුබ ආරංචියක්’ යැයි ද කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT