Wednesday, April 23, 2025
Home » රහසඟේ ඡායාරූපයක් කතකට යැවූ වැඩ පාලකවරයා ලක්ෂ තුනක ඇප මත මුදා හරී

රහසඟේ ඡායාරූපයක් කතකට යැවූ වැඩ පාලකවරයා ලක්ෂ තුනක ඇප මත මුදා හරී

by mahesh
July 26, 2024 1:00 am 0 comment

රක්වාන - ඉන්දික සී.කුමාර

පුරුෂ රහසඟේ පින්තූරයක් කාන්තාවකගේ ජංගම දුරකතනයට මුදා හැරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් රජයේ සංවර්ධන අධිකාරියක ප්‍රාදේශීය කාර්යාලයක වැඩ පාලකවරයකු ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හැරීමට රක්වාන මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (24) නියෝග කළ බව රක්වාන පොලිසිය පවසයි.

රක්වාන ප්‍රදේශයේ විවාහක කාන්තාවක විසින් පොලිසියට සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර වැඩපාලකවරයා අත්අඩංගුවට ගෙන ඇත. කාන්තාවකට අයුතු ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහු පනස්පස් වියේ පසුවන විවාහක පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

කාන්තාව පදිංචිව සිටි ප්‍රදේශය ආසන්නයේ රජයේ නිල නි‍ෙවසක නැවතී සිටි සැකකරු අදාළ කාන්තාව සමඟ ටික කලක සිට හිතවත්කමක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුකාලීනව එම හිතවත්කම ජංගම දුරකතන ඔස්සේ කෙටි පණිවිඩ හුවමාරු කර ගැනීම දක්වා දුරදිගගොස් තිබී ඇති බව ද පොලිසිය පැවැසීය.

මේ අතර පසුගිය දිනක රාත්‍රියේ සැකකරු විසින් සිය ජංගම දුරකතනයෙන් තමාගේ රහස් පෙදෙස ඡායාරූපගත කර කාන්තාවගේ ජංගම දුරකතනයට මුදා හැරීමට කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳව උරණ වූ කාන්තාව පසුදින සිය සැමියා සමඟ අදාළ වැඩපාලකවරයාගේ නි‍ෙවසට ගොස් එම ක්‍රියාව පිළිබඳව අසා ඇත. එහිදී සැකකරු එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැකකාර වැඩපාලකවරයාට එරෙහිව පැමිණිලි කිරීමට මෙම අඹු සැමි යුවළ කටයුතු කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT