Tuesday, April 22, 2025
Home » ලක් පහන් රන් උදානයේ පළමු තැන ගිනිගත්හේන මැදි විදුහලේ කලණ කෞශල්‍යයට

ලක් පහන් රන් උදානයේ පළමු තැන ගිනිගත්හේන මැදි විදුහලේ කලණ කෞශල්‍යයට

by mahesh
July 26, 2024 1:00 am 0 comment

ජී. ඒ. ගුණසේන ගිනිගත්හේන විශේෂ
‘ලක් පහන් රන් උදානය’ නව නිර්මාණ තරගයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත් කළන කෞශල්‍ය තමා නිපදවූ මෝටර් රථය සමඟ

ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ලක්ෂපාන නව විදුලි බලාගාරය ආරම්භ කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් එහි සුභසාධක සමිතියෙන් සංවිධාන කළ ‘ලක් පහන් රන් උදානය-2024’නව නිර්මාණ තරගාවලියේ ප්‍රථම ස්ථානය හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ඩී. ජේ. පී. කලණ කෞශල්‍ය සිසුවා හිමිකර ගත්තේය.

එම නව නිර්මාණ තරගයට කළන සිසුවා විසින් ඉදිරිපත් කර තිබුණේ තමන් විසින්ම නිපදවන ලද මෝටර් රථයකි. ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතාගේ ආශීර්වාදයෙන්, ඉන්දික කාරියවසම් ඉංජිනේරු විද්‍යා තාක්ෂණවේද ගුරු මහතාගේ මඟපෙන්වීමෙන් නිපදවා ඇති මේ මෝටර් රථය නම් කර තිබුණේ කළු වෙඩිල්ල (Black Bullet) නමිනි.

එංජින් ධාරිතාව 225 ccක් වන එම මෝටර් රථයේ බඳ කොටස නිර්මාණය කර තිබෙන්නේ ඉවතලන අල්මාරියක තහඩු යොදා ගනිමිනි. ත්‍රිරෝද රථයකට වඩා කාර්යක්ෂමතාව, ඉන්ධන ක්‍රියාකාරීත්වය සහ ජවය වැඩි කර ගත හැකි අන්දමට මෙය නිපදවා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT