Home » නීති විරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ තොගයක් සොයා ගැනෙයි

නීති විරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ තොගයක් සොයා ගැනෙයි

by yasara
July 25, 2024 11:30 am 0 comment

මීගමුව දඩුගම කලපුවේ ඊයේ  ( 24)   සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය අසූවක (1780) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා හයක් (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

එහිදී, එම එක් එක් ඩිංගි යාත්‍රා තුළ උර හැත්තෑ හයක (76) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය අසූවක (1780) පමණ තොගයක් හමු වී තිබෙයි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25 ක් සහ 41 ක් වන අලුත්කුරුව හා වෙන්නප්පුව ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය අසූවක (1780) පමණ තොගය සමඟ සැකකරුවන් දෙදෙනා (02) සහ ඩිංගි යාත්‍රා හය (06) ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT