226
උතුරු කොරියාව විසින් යවනු ලැබූ කසළ බැලූනයක් දකුණු කොරියාවේ ජනාධිපති කාර්යාල සංකීර්ණයටම පතිත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සෝල් අගනුවර පිහිටි ජනාධිපති කාර්යාල සංකීර්ණය අසලට වැටුණු එම බැලූනය පරීක්ෂා කිරීමට රසායනික, ජෛව විද්‍යාත්මක විමර්ශන කණ්ඩායමක් කටයුතු කර ඇති අතර, එම බැලූනය තුළ විනාශකාරී ද්‍රව්‍ය කිසිවක් නොතිබූ බව වාර්තා වේ.
අධි ආරක්ෂිත කලාපයක් ලෙස සැලකෙන දකුණු කොරියානු ජනාධිපති කාර්යාල සංකීර්ණය ඉහළ අහස ගුවන්යානා පියාසර කිරීම තහනම් වන අතර, එම කලාපයට උතුරු කොරියානු බැලූනයක් පතිත වූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.