අමෙරිකාවේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිසි ආරක්ෂාව සැලසීමට අසමත්වීමේ වගකීම භාර ගනිමින් එරට ජනපති බුද්ධි අංශයේ ප්‍රධානි කිම්බර්ලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය සිය කාර්ය මණ්ඩලයට විදත් තැපෑල ඔස්සේ ඒ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී පසුගියදා පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් සිටියදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඔහු දිවි ගලවා ගැනීමට සමත් වූ අතර, අමෙරිකාවේ ජනාධිපතිවරු සහ ජනාධිපති අපේක්ෂකයන් ආරක්ෂා කිරීමේ බුද්ධි සේවාවේ නිලධාරීන්ගේ දුර්වලතාව ඊට හේතු වූ බවට චෝදනා එල්ල වී තිබිණි.
ආරක්ෂාවේ දුර්වලතා තිබූ බව තමා පිළිගන්නා බවත්, එහි වගකීම භාර ගන්නා බවත් සඳහන් කරමින් ජනපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා එම ලිපිය යොමු කර ඇති අතර, ඇයගේ කාර්යභාරයට ස්තුතිය පළ කර ඇති ජනාධිපති ජෝ බයිඩ්න් ඉදිරියේදි එම ආරක්ෂක ඒකකයට නව ප්‍රධානියෙක් පත් කරන බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.