178
ඉතියෝපියාවේ පසුගියදා සිදුවූ නායයෑම් දෙකකින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉතියෝපියාවේ උගන්ඩා දේශසීමාව අසල පිහිටි කඳුකර ප්‍රදේශයක එම නාය යෑම් සිදුවී ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් බව ද වාර්තා වේ. ඊයේ වන විට මඩ සහ පස්වලට යට වූ මළ සිරුරු සොයාගත් බවත්, අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නැති බවත් එරට රජය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. මියගිය අය අතර කාන්තාවන් 81 දෙනකු සිටින බවත්, ඒ අතර ගැබිනි මවුවරුන් ද සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.