රටවල් 11කින් පන්සියයකට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය හෙට (25) කොළඹ දී ඇරඹේ. වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිත එම ශූරතාවලිය සංවිධාන කරනු ලබන්නේ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය විසිනි.
සත්කාරක ශ්‍රී ලංකාව සමඟ ඔස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෝර්වේ, මැලේසියාව සහ අමෙරිකාව ඇතුළු රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 536 දෙනකු තරගාවලියට එක්වීමට නියමිතය.
හෙට සිට ලබන 28 වැනිදා දක්වා පැවැත්වෙන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග සහ පදක්කම් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, එම සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සංවිධායක කමිටුවේ සාමාජිකයන් ලෙස සුමුදු කුමාරසිංහ, ජාලිය ජයසේකර, තරංග පෙරේරා, රොහාන් ප්‍රනාන්දු, සහන් ප්‍රදීප්, සුගත් තල්වත්ත, චන්ද්‍රිකා ද සිල්වා, ලක්ෂ්මි පුංචිහේවා, ලලිත් යටිවැල්ල, මංගල ගමගේ, ප්‍රියංක අබේරත්න, සේනක අත්තනායක, තුෂාරි බ්‍රාහ්මණගේ, වන්දා ඉන්ග්‍රාම්, සචිත්‍ර විදානගම සහ නිශාන්ත ජයමාන්න මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
මෙහි විනිසුරු තීරණ අධීක්ෂණය ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග තීරක ලක්ප්‍රිය එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඉහළම සුදුසුකම්ලාභී නිලධාරි මණ්ඩලයක් විසින් සිදු කරනු ලබයි. හිටපු ජාත්‍යන්තර තරග තීරක අජිත් විජයසිංහ මහතා තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. තරගාවලිය වර්ණවත් කිරීම සඳහා විශේෂිත සංචාරක නියෝජිතවරයකුගේ සහයෝගය ඇතිව මෙරට වඩාත් සිත්ගන්නාසුලු සංචාරක ගමනාන්ත නැරඹීමේ පහසුකම් ද ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දී ඇත.
ෆවුස් මොහොමඩ්