202
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලසුම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විද්වත් කතිකාවක් අද (24) පස්වරු 3.00 ට කොළඹ පයිප් පාර ජානකී හෝටලයේදී පැවැත්වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ පලස විද්‍යාර්ථයන්ගේ අනුග්‍රහයෙන් මේ විද්වත් කතිකාව පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් සමාජයේ පුළුල් කතිකාවක් ගොඩ නැඟීම මෙහි අරමුණයි. පොදු මහජනතාව, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වීමට නියමිතය.
ජයසිරි මුණසිංහ